සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද තම මන්ත්‍රී දුරයෙන් ඉල්ලා අස් වී ය.

ඒ මහතාගේ ඉල්ලා අස්වීම අද ම මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි

ඒ  මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා සමගි ජනබලවේගයෙන් ඊළඟට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා පත්වනු ඇත.

ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින්  මනාප 31,307ක් හිමිකරගනු ලැබීය.

ඒ අනුව ඊළගට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *