දොස්තර දීමනාව ඉල්ලා පරිපුරක වෛද්‍ය සේවා වහා ම වර්ජනයක

 

වෛද්‍යවරුන් සඳහා වන දීමනාව වැඩි කිරීම තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා  පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (09) පෙරවරු 08.00 සිට වෘත්තීය සමිති වැඩ හදිසි වර්ජනයක නිරත වන බව  පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

ඒ රුපියල් 35000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ රෝහල්වල රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තීකයින් සම්බන්ධ වී තිබේ.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට ඊයේ (08) කැබිනට් අනුමැතිය හිමිවිය.

රුපියල් 35000 ක් පැවති වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමනාව රුපියල් 70,000 ක් දක්වා වැඩි කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යන දීමනාව 25% කින් ඉහළ දමා තිබේ. එම දීමනාව ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතිබව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

එම දීමනා තමන්ට ද ලබා දෙන ලෙස රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු පරිපුරක වෛද්‍යවෙදීහු ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *