රතු රැඩිකල් පක්ෂවල සරදියෙල් න්‍යාය මේ රට “යම” ලෝකයට ඇද වට්ටනවා – දිලිත් ජයවීර
ඔහු එබව කියා සිටියේ, මහනුවර සහස් උයනේදි ඊයේ (07) පැවති මහනුවර දිස්ත්‍රීක් සමුලුව අමතමිනි.
තුන්වැනි ලෝකෙන් “යම” ලෝකයට ගෙන යන මෙම රැඩිකල් පක්ෂ හොරු අල්ලලා ඒවා මිනිස්සුන්ට දෙන බවට සිදු කරන ප්‍රකාශ පුහු කතා බව පැවසු ‘මව්බිම ජනතා පක්ෂයේ’ නායකයා, රට ඉදිරියට යාමට නම් සියලු දෙනා එකතු වු සභ්‍යත්ව මාවතකට යා යුතු බවද පැවසීය.
ජනතාවට යහපත්, අහයපත් ඕනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය එකට එක් වී සිටින නිසා බවත් එහෙත් එය ජනතාවට නොපෙන්වන බවත් ඔහු සඳහන් කළේය.
“එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහ. ඒ විරෝධතා ඇහෙන්නෙත් නැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ.” යැයිද දිලිත් ජයවීර පැවසිය.
“එළියේ තිබෙන දේශපාලන රික්තය නිසා අපිට ස්වභාවධර්මය විසින් ලබාදුන් ආශිර්වාදයක් ළෙස සලකා ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කිරීම තමයි අපේ අරමුණ.
අප රටේ ඉතිහාසය පුරාම දේශපාලනය බල කඳවුරු දෙකකට බෙදිල තිබුණා. ඒ කඳවුරු දෙකට තිබුණු ඡන්ද අද වෙනස් වෙලා. සමීක්ෂණ වාර්තාවලින් පැහැදිළිව ප්‍රකාශ කරන්නේ සියයට 60 කට වැඩි පිරිසක් ඒ සාම්ප්‍රදායික කඳවුරුවලින් මිදිලා නව විසඳුමකට එමින් සිටින බව. ඒ නව විසඳුම කුමක්ද. ඒ සදහා කිනම් සාධනීය අවකාශයක් ප්‍රවේශයක් තිබේද කියල තමයි සාකච්ඡා කළ යුත්තේ.
අවලාද මඩ ගැහිලි මැද අපි ඉදිරියට යන්නේ නැහැ. ඉදිරියට ගිහිල්ල තියෙන්නේ සුලු පිරිසක් පමණයි. ශ්‍රි ලංකාවේ තවත් රැකියාවක් හැටියට දේශපාලනයේ නිරතව ඉන්න, මේක වෘත්තියක් විදියට කරගෙන ඉන්න බොහෝ දෙනා මේ දේශපාලනය ඇදගෙන ඇවිත් තියෙනවා මෙතනට. ඒ නිසා තමයි අද රටට මේ තත්වය උද්ගතවෙලා තියෙන්නේ.
”අපි සංකල්ප හතරක් ගැන කතා කරනවා. සභ්‍යත්වය, ව්‍යවසායකත්ව රාජ්‍ය, අභිප්‍රෙරණය හා උපාය මාර්ගික සැලස්ම. ඒ තමයි ඒ හතර. අපි කතා කරන්නේ මේ හතර ගැන විතරයි. අපි මේ හතරෙන් එළියට දක්කාගෙන යන්න හදන සියලු සාම්ප්‍රදායික දේශපාලනයන්ට දේශපාලන බලවේගවලට මම නැවත නැවත ආරාධනා කරනවා අපි ඔය මඩ වලට ඇදගෙන යන්න එපා කියල. මම සුදාමින් සිටිනවා අනුර කුමාර සහෝදරයා එක්ක සජීව සාකච්ඡාවකට යන්න. මම නැවත නැවත ඔහුට ආරාධනා කරනවා.
පවතින දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රධාන පක්ෂ වන එජාපය, සජබ, ජාතික ජනබල වේගය, පොහොට්ටුව එක තැනකට එකතු වෙලා. ඒකයි පාර්ලිමේන්තුවේ හැම පනතක්ම සම්මත වෙන්නේ. මිල වැඩි කිරීම්, බදු වැඩිකිරීම් ඕනෑම වෙලාවක කරන්න පුලුවන්. ඔක්කොම එකට ඉන්නේ.
අද ලෝකේ සෑම රටක් දියුණු වෙලා තියෙන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින්. වසර 70ක් දුක්වින්ද ඉන්දියාව අද දියුනු වෙලා තියෙන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍ය මෝදි විසින් ඇතිකළ නිසා. ජනතාවගේ ඔලුවට හැමෝම සෘණාත්මක දේවල් පමණක් දැම්මොත් කවදාමත්ම මේ ජාතිය ගොඩ එන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ සෘණාත්මක ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන්නේ. අපි කතාකරන්නෙ කරන්න පුලුවන් දේ ගැන පමණයි. අපේ ජනතාව දැනුම බුද්ධියෙන් පිරි පිරිසක්. අපි කියන මේ හැමදේකටම උපාය මාර්ගික සැලැස්මක් තියෙනවා. අපි කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේදිත් උපාය මාර්ගික සැලස්ම ගැන පමණයි. ඒකට දින වකවානු තිබෙනවා. ඒ අනුව වැඩකරල ඔබ හැම අභිප්‍රේරණය කරලා ජාතිකත්වය මත පදනම් වු රජයක් තුළ මේ වැටුණු වලෙන් ගොඩ ඒමට පුලුවන් කමක් තිබෙනවා.
”පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් බාස්ලාට පුලුවන් හාන්න විතරයි”- ආචාර්ය සරත් අමුණුගම
මව්බිම ජනතා පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහනුවර දිස්ත්‍රීක් සමුලුව අමතමින් මෙසේ පැවසිය.
“මහනුවර ජනතාව අද මේ රැස්වෙලා සිටින්නේ අවදානම් තත්වයක් ඇති වෙලාවක. පක්ෂයක් හැටියට මේ රටේ තරුණ පරපුරට උගත් අයට දේශපාලනයට එන්න බැරිව සිටි අයට මේ පක්ෂය හරහා අලුත් මාවතක් විවර කරල දීල තිබෙනවා.
අපි මේ අද තියන්නේ හතරවැනි සමුලුව. අද වෙනදාට වඩා වැඩි පිරිසක් මෙතන ඉන්නවා.
සංඛ්‍යා ලේඛන වලින් මේ රටේ ජනතාව සියට 70 ක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුගේ පරිපාලනය වැඩක් නැහැ අපිට අලුත් දෙයක් ඕනෑ කියල කියනවා. රටේ ආර්ථිකය සමාජයිය දේශපානය ගැන ප්‍රශ්න මුලින්ම කඩා වැටෙන්නේ කාන්තා පරපුර වෙත. ඒ අය හිතන්නේ අපිට වඩා හොද ජීවිතයක් අධ්‍යාපනයක් දරුවන්ට ලබල දෙන්නේ කොහොමද කියල.
අපේ පොලිසිය ට බැරි ඒවා ජාත්‍යන්තරයට කීවාම එහෙමත් බැරිනම් අපිට දේශපාලන අලුත් ගමනක් අවශ්‍ය වෙනවා. අපි නවත්වන ඕනෑ මේ දූෂීත ආහාර සුරක්ෂිත තාවය.අපි අවුරුදු 75 ක් නිදහස් කිව්වට බිත්තරේ, පරිප්පු ටික හාල්ටික ගේන්නේ ඉන්දියාවෙන්. ආහාර සුරක්ෂිතතාවය ගැන ප්‍රතිපත්තියක් රටතුළ තිබිය යුතුයි.
”අපි පොරොන්දු වෙනවා පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහරය ලබා දෙන්න අපේම රටේ කෑම වලින්. අපේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් කළ යුතුයි. නව තාක්ෂණය ඉදිරියට ගෙන ආ යුතුයි. විවෘත වෙන නව ලෝකය කරා අපි යන්න ඕනෑ. දරුවන්ට අලුත් අධ්‍යාපන ක්‍රමවේද හදුන්වා දීලා විවෘත වෙන නව ලෝකයට අපි යායුතුයි. දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබල දීලා ඉහළ මට්ටමේ රැකියා ලබල දෙනවා. පාර්ලිමෙන්තුවේ ඉන්න ගොන් බාස්ලාට ඒවා කරන්න බැහ.උන්ට පුලුවන් කුඹුරේ හාන්න විතරයි”