වැලිඅමුණගේ ගෙදරට බෝම්බ ගැහුවේ හෙන්දාවිතාරණ !

වැලිඅමුණගේ ගෙදරට බෝම්බ ගැහුවේ හෙන්දාවිතාරණ !
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ කොහුවල, පැපිලියාන පාරේ පිහිටි නිවසට 2008 වසරේ සැප්තැම්බර් 27 වැනිදා රාත්‍රියේ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එවක හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණගේ නියෝගය හා මගපෙන්වීම යටතේ බව මේ වනවිට හෙලිදරව් වෙමින් පවතී.
මෙම අත්බෝම්බය පුපුරා නොගිය හෙයින් වැලිඅමුණ මහතාත්, බිරියත්, දරුවන් දෙදෙනාත් අනතුරකට ලක් නොවිණි.
මේ පිළිබඳව නඩුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ‘C’ අක්ෂරගත කර බහා තබා තිබේ. අධිකරණය විසින් මෙසේ නඩු ‘C’ අක්ෂරගත කරන්නේ සැකකරුවන් සොයාගත නොහැකි වූ විටය.
නමුත් මෙම සිද්ධියට අදාල රහස් පොලිස් විමර්ශනයේදී හෙලිදරව් වී ඇත්තේ එය මේජර් ජනරාල් හෙන්දාවිතාරණගේ ක්‍රියාවක් බවයි. මේ බව තහවුරු කරගැනීම සඳහා එවක හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉදිරියේදී ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසියට කැඳවීමට නියමිත වේ. මොවුන් දෙදෙනාගේ ප්‍රකාශයන් මත කොහුවල පොලීසිය විසින් ඉදිරි කටයුතු සිදුකරනු ඇත.
lanka news web

Leave a Reply

Your email address will not be published. Required fields are marked *