විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා කංචනගෙන් ලිපියක්

විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා කංචනගෙන් ලිපියක්

එමෙන්ම එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ, එම සේවක පිරිස් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසටයි.

2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ  මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ වෙත මහජන පැමිණිලි ලැබී ඇති බව සඳහන් වේ.

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබූ බවත් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් 02 වනදා සිට සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලිඛිත ව ඔවුන්ව දැනුවත් කර තිබු බවත් එම ලිපියේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *