විදුලි ගාස්තු සියයට නවයකින් අඩු කෙරෙයි

 

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර ඇති ගණනය කිරීම් අනුව සියයට නවයක ගාස්තු අඩු කිරීමක් යෝජනා කරනු ඇතැයි වාර්තා වෙයි.

ඒ සඳහා වන ලංවිම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත ලබන සතියේ අග වන විට ලබාදිය හැකි බව ද විදුලි බල මණ්ඩලය කියයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේෂ්ට  ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය සැප්තැම්බරයේ කළ වැඩි කිරීමෙන් සියයට පනහක අඩු කිරීමක් යෝජනා කරන බව යි. සැප්තැම්බරයේ විදුලි ගාස්තු සියයට 18 කින් වැඩි කළ අතර ඒ අනුව යෝජිත අඩු කිරීම සියයට නවයක් පමණ වනු ඇත.

ඒ අනුව රුපියල දහසක විදුලි බිලක් ගෙවන අයගේ ගාස්තුව රුපියල් 910 ක් දක්වා අඩුවනු ඇත. දෙදහසක් දැනට ගෙවන්නේ නම් නව ගාස්තුව වන්නේ 1,820 කි. අනෙක් ගාස්තු ද එවැනි අනුපාතයකින් අඩු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *