පාර්ලිමේන්තු සභාවාරය කල්තැබීම ජනවාරි 27 දා

 

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවාරය කල්තැබීම ජනවාරි 27 දා සිදුකරනු ඇති  බව අලුත්ම වාර්තා සඳහන් කරයි.

මෙම කල් තැබීම දින දහයකට පමණ සීමා වෙයි. නව සැසිය ආරම්භවීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 7 දා ය.

නව සැසිය ආරම්භ වන අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදු කිරීම සම්ප්‍රදාය වෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් පසු රජයේ සංවර්ධන සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙබරවාරි 7 දින පාර්ලිමේන්තුවට පැහැදිලි කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *