|

වාහන ඇතුළු සියලු ආනයන සීමා ඉවතට !

 

වාහන ආනයනයට පනවා ඇති සීමා ඇතුළු සියලු ආනයන සීමා ක්‍රමානුකුලව ඉවත් කිරීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

ආනයන සීමා මගින් ආර්ථිකයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් ඉවත් කිරීමත්, රජයේ බදු ආදායම් ඉහළ දමා ගැනීමත්, රුපියල පමණට වඩා අධි ප්‍රමාණ වීම වළකා ගැනීමත් සඳහා මෙලෙස ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කොට ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළඹීමෙන් පසු රටට ලැබෙන්නට නියමිත විදේශ විනිමය ප්‍රවාහ ලැබෙන ආකාරය අනුව මෙම සීමා ඉවත්කිරීම ක්‍රියාත්මක වනු ඇත. ඇතැම් සීමා මේ වන විටත් ඉවත් කොට ඇති අතර වහනය ආනයනයට තිබු තහනම ඉවත් කොට සී සී 1000 අඩු කුඩා වාහන ආනයනයට පළමුව අවසර දීමට රජය තීරණය කොට ඇත.

ආනයන සීමා අපනයන කෙරෙහි ද බලපාන බව අපනයනකරුවන් පෙන්වා දී තිබීම ද ආනයන සීමා ඉවත් කිරීමේ තීරණයට හේතු වී තිබේ.

වාහන ආනයනය නවතා දැමීම නිසා විශාල බදු ආදායමක් ද රජයට අහිමි වී ය. එම බදු නැවත ලැබෙන විට වෙනත් බදු අඩු කර ජනතාවට සහන දිය හැකි බව රජයේ විශ්වාසය වී ඇතැයි කියති.

රටට විදේශ විනිමය ලැබීම් වැඩි වීමත් සමග ඩොලරයේ අගය විශාල ලෙස පහළ වැටී රුපියල පමණට වඩා  ශක්තිමත් වුවහොත් එය ද රටේ අපනයන කෙරෙහි අයහපත් බලපෑමක් සිදුකරනු ඇත. එය වැලැක්වීම සඳහා ද ආනයන සීමා ඉවත් කිරීම අවශ්‍ය වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *