රනිල්ට කලින් වජිර උතුරට

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු  සංචාරයේදී දී ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ සම්බන්ධව උතුරු පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

උතුරු පළාතේ දිසාපතිවරු, ලේකම්වරු,රාජ්‍ය නිලධාරීහු ඇතුළු  දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  විසින් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල මට්ටමකට ගෙන ඒම පිළිබඳව වජිර අබේවර්ධන මහතා එහිදී මූලික දැනුවත් කිරීම කළේය.

ජනාධිපතිවරයා උතුරු පළාතේ  ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන අතර ඊට  ඉක්මන් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *