|

ඩොලර් බිලියන හතරක් එයි !

 

ඉදිරි මාස කිහිපය තුළ ඩොලර් බිලියන හතරක් පමණ රට තුලට ලැබෙනු ඇති බවට රජය ගණන් බලා ඇතැයි දැනගන්නට ඇත.

මෙම මුදල ලැබෙන්නේ, විදේශ ණය, ආධාර , සහ ආයෝජන වශයෙනි.

කලින් ආරම්භ කොට කොවිඩ් සහ මුල්‍ය අර්බුද කාලයේ නවතා තිබු ව්‍යාපෘති සඳහා කලින් අනුමත කොට නතර කර තිබු ආධාර මෙම කාලයේ ලැබෙන්නට පටන්ගනු ඇතැයි කියති. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධාර දෙන ආයතන සහ රටවල් ගණනාවකින් එම මුදල් ලැබීමට නියමිත ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ තෙවන අධියර, ගුවන් පාලම්, මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ වෙනත් යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් සදහා මෙම මුදල් ලැබෙනු ඇත.

පසුගිය සමයේ නතර කළ ව්‍යාපෘති කිහිපයක් ද යලි ආරම්භ කිරීමට සාකච්ඡා පවත්වමින් තිබේ.

එමෙන් ම, හම්බන්තොට පිරිපහදුව, පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ඇතුළු නව ආයෝජන ගණනාවක් ද ඉදිරි කාලයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසු මෙම මුදල ලැබීමේ ක්‍රියාවලිය වේගවත් වනු ඇති බව රජයේ අපේක්ෂාව වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *