‘වැල් පාලමෙන්’ පසු ජනාධිපතිගෙන් නව සැලසුමක් !

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වයෙන් පසු ආර්ථික වර්ධනය සඳහා නව වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග කියයි.

මෙම නව සැලසුම තවත් මාසයක කාලයක් ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද කියති.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අසීරු තීරණ ගෙන අවසන් බවත්, රටේ වේගවත් ආර්ථික සංවර්ධනයකට මින් ඉදිරියට ක්‍රියා කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ගුවන් හමුදා මුලස්ථානය විවෘත කිරීමට  ඊයේ පැවති රැස්වීමේ දී ප්‍රකාශ කළේ මෙම නව සැලසුම සම්බන්ධයෙන් බව අපගේ ආරංචි මාර්ග කියයි.

ව්‍යාපාර දිරි ගන්වෙමේ සහ ජනතවගේ පීඩනය අවම කිරීමේ ක්‍රියා මාර්ග ද නව සැලසුම ට ඇතුලත් වනු ඇත.

එම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම ද ආරම්භ කරනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *