|

ඩොලරයේ මිල කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.

ඒ අනුව අද (02) දින ඩොලරයක ගැනුම් මිල රු. 316.92 ක් ලෙසත් විකුණුම් මිල රු. 326.85 ක් ලෙසත් සටහන්ව තිබෙන අතර ඊයේ (01) මෙම අගය සටහන්ව තිබුණේ ගැනුම් මිල රු. 319.23 ක් හා විකුණුම් මිල රු. 328.77 ක් ලෙසිනි.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 323.18 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් 13 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.

අද දෙරණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *