ජනාධිපති නීතිඥ තනතුරු දෙන්නේ දේශපාලනය මත නොවෙයි ; උපුල් කුමරප්පෙරුමට දුන්නේ මාලිමාව නිසා නොව පළපුරුද්ද නිසා යි – ජනාධිපති

 

 

ජනාධිපති නීතිඥ තනතුරු දෙන්නේ දේශපාලනය මත පදනම්ව නොව නීතිඥ දිවියේ අත්දැකීම් සහ පළපුරුද්ද සලකා බලා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ  කොට ඇත.

ජාතික ජන බලවේගයේ ( මාලිමාවේ ) ප්‍රබල ක්‍රියාකාරිකයකු වන උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති නීතිඥ තනතුරක් ලබාදීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට ඇත.

මාලිමාවේ ප්‍රධානියකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නීතිඥ තනතුරක් ලබාදීම පිළිබඳව සමාජ මාධ්‍යයේ සහ ඇතැම් විපක්ෂ කණ්ඩායම් අතර විවාදයක් හටගෙන තිබිණි.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රබලයින් කළ විමසුමකට ජනාධිපතිතුමා ඉහත පිළිතුර ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *