විමල් හොයන බිලි boy කවුද? – රටේ රාළ

සාමාන්යයෙන් රටේ රාළ පිලි නොගත්තත් විමල් කියන්නේ ජාතිකවාදියෙක්,අධිරාජ්යය විරෝධියෙක් කියලා පිලිගන්න පිරිසක් ඉන්නවා.දැනුත් එහෙම හිතන අතලොත්සක් හරි ඇති,විමල් ඊටත් වැඩිය ප්රසිද්ධ උග්ර රනිල් විරෝධියෙක් විදිහටයි.රනිල්ට දේශපාලන වශයෙන් විමල් කරපු හානිය වෙන කවුරුවත් කරලා නෑ.පෞද්ගලික අපහාස ගොඩකුත් ඒවා ඇතුලේ තියනවා.
විමල් කියන ජාතිකවාදී දේශප්රේමියාට,එහෙමත් නැත්තං උග්ර රනිල් විරෝධියාට මේ දේශපාලන situation එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ.මිනිහා මොනවගේ ක්රියාමාර්ගයක් ගනීද?විමල්ලා ගැන ඉතිහාසයේ තිබුණ සමාජ අවධානය දැන් සෘණ අගයක් දක්වා පහළ වැටිලා.විමල් ආයෙත් සමාජ අවධානය දිනා ගන්න එක එක project ගෙනත් අතාරිනවා.ඒත් එයාලට තියන සමාජමය වටිනාකම අහෝසිවීම විසින් විමල් කෙනෙක් උන්නද මළාද කියලා රටේ ජනතාවට ගාණක් නෑ.
විමල්ලා මේ දේශපාලන සන්ධිස්ථානය පියමං කරන්න යන විදිහ ගැන ඕනිවටත් වැඩිය තොරතුරු රටේ රාළට තියනවා. විමල්ලා අරන් තියන කිසිම ක්රියාමාර්ගක් දේශපාලනික නෑ.ඒවා විකාර රූපී වගේම විහිළු සහගතයි. විමල්ලා ඒ තත්වයට වැටිලා තියෙන්නේ ඉතිහාසය ඇතුලේ විමල් පෙන්නපු ව්යාජ දේශප්රේමීත්වය,ව්යාජ අධිරාජ්ය විරෝධය සහ ව්යාජ රනිල් විරෝධය හින්දයි.අද විමල්ලට තමන් කැමති දේශපාලන ක්රියා මාර්ගවලට යන්න බැරිව හිරවෙලා ඉන්නේ ඉතිහාසයේ එයාලා රට ඉස්සරහා රඟ දක්වපු ව්යාජ දේශපාලන රංගනය හින්දයි.
මහින්දලා අද රනිල් එක්ක එකතු වෙලා.හැබැයි විමල්ලාට රනිල් එක්ක එකතු වෙන්න බෑ.ඒකට හේතුව රනිල් එක්ක එකතු වෙන්න විමල්ගේ තියන අකමැත්ත නෙවෙයි.ඉතිහාසය පුරාම රනිල්ට බුරාගෙන පනින රාජපක්ෂලාගේ මුර බල්ලාගේ භූමිකාව ඉෂ්ඨ කළේ විමල්ලා,ගම්මම්පිලා හින්දයි.අද විමල් ඇතුළු උත්තර ලංකා සභාගය කණ්ඩායමක් විදිහට කරන්න හදන්නේ රනිල්ගේ කොන්ත්රාත්තුවක්.
විමල්ලාට ඕනි දේශපාලන උපක්රමයක් තොරගන්න නිදහස තියනවා.ඒ නිදහසට රටේ රාළ අභියෝගය කරන්නේ නෑ.හැබැයි අපේ රටේ කතාවක් තියනවා අර මොකක්ද එක තියාගෙන මොකද්ද එකෙන් කරන්න එපා කියලා.ඒ කියන්නේ වැඩේට අදාල tool එක තියාගැනීම වැඩේට අදාල නැති tool එකකින් ඒ වැඩේ කරන්න යන්න එකට.ඇත්තටම විමල්ලට තියෙන්නේ තමන්ගේ ප්රතිපත්තියට ගැලපෙන කෙනා තොරගෙන ජනාධිපතිවරණයේදී එයාට උදව් කරන්න.
ඒකට උනත් කොන්දක් තියෙන්න ඕනි.ඒ අනුර හරි,සජිත් හරි,රනිල් හරි වෙන්න පුළුවන්.විමල් කිව්වේ විමල්ගේ දේශපාලන ප්රතිපත්තිය වෙළපොල සමාජවාදය කියලා. බලනකොට එහෙම එකක් ලෝකේ කොහේවත් නෑ.ලෝකේ කොහේවත් නැති ඒවා කරන්නේ මෙහෙම වෙන්න ඇති.විමල්ලා දැන් ඉන්නේ ඉදිරි ජනාධිපතිධූරයට රනිල් පත් වෙන්න ඕනි කියන අදහසේ.
ඒත් එතෙන්ට රෙදි ඇදගෙන යන්න බැරි නිසා වෙනමම front එකක් හදන්න ඕනි කියන තැනකට එයාලා ඇවිත්.ඒකේ අරමුණ කියලා මෙයාලා කියන්නේ npp එකට යන ජාතිකවාදී ඡන්ද කඩන එක.ඒකත් බොහෝම සුළු වශයෙන් සිදුවෙනවා ඇති.හැබැයි රටේ රාළ කියන්නේ මෙයාලගේ ඊළඟ පාර්ලිමේන්තු ආසනය බේරගන්න හදන අට්ටාලයක් ඕක.ජාතිකවාදී පදනමින් එළියට දාන්න නියමිත සන්ධිස්ථානයක් ගැන මෙයාලා මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නවා.
ඒ වෙනුවෙන් විමල්ලගේ පක්ෂේ මහ ලේකම් පහුගිය දවස්වල දිස්ත්රික්ක කීපයකටම ගිහින් සංවිධාන වැඩ පටන් ගන්න උත්සාහ කරලා තිබුණා.සමහර තැන්වලදී උවිඳු විජේවීර ගැනත් කියලා තිබුණා.මේකේ ලස්සනම කතාව ඒක නෙවෙයි.එයාලා ඒ front එකෙන් දාන්න හොයන ජනාධිපති අපේක්ෂකයාට තියෙන්න ඕනි සුදුසුකම ගැන එයාලා කරන විග්රහයි.
රටේ තියන මේ තත්වය පියමං කරගන්න නං රනිල් ඉන්න ඕනි කියන ස්ථාවරයකට එයාලා ඇවිත්. හැබැයි මෙයාලට රනිල් ළඟට රෙදී ඇඳගෙන යන්න බෑ.ඒ හින්දා දිනන්නට බැරි අපේක්ෂකයෙක් දාන්න ඕනි කියන එකයි එයාලගේ මතය.ඒ අපේක්ෂකයාගේ මූලික සුදුසුකම වෙන්නේ දිනන්න බැරි එකයි.විමල්ලා පරදින්න අපේක්ෂකයෝ දාන තරමටම දැන් බංකොලොත් වෙලා.එහෙනම් ඉතාම පැහැදිලි එක දෙයක් මෙතන තියනවා.මේ හොයන්නේ තවත් බිලි boy කෙනෙක්.
එයාට දිනන්න බැරි වෙන්න ඕනි,ඒ වගේම ජාතිවාදී කදවුරට ඡන්ද ටිකක් ගේන්න පුළුවන් වෙන්න ඕනි. ඒ ඡන්ද ටිකත් එක්ක ඉස්සරහා මැතිවරණයේදී විමල්ලගේ පාර්ලිමේන්තු මන්ත්රීධූර බේරෙන්නත් ඕනි.මේ දෙන සපෝට් එකෙන් රනිල් ෂේප් වෙන්නත් ඕනි. මේ සියල් වෙනුවෙන් අර අහිංසකයා බිල්ලට යන්නත් ඕනි.කොහොම උනත් මෙතනදී රටේ රාළටත් බරපතලම සැකයක් තියනවා.
මේ මෙහෙයුමට පිටිපස්සේ ඉන්නෙත් කපටි නරියාද කියලා.දැන් ඔයාලට මෙයාලගේ විග්රහය පැහැදිලි ඇති.දැන් තියන ප්රශ්නය මේ උගුලට පය තියනවා ඇත්තේ කවුද කියන එකයි.මේ ලණුව කන්න ලෑස්ති සෙට් එකක්ම ඉන්නවා.ඒ ලණුව ගිල්ලවන්න ලස්සන කතා ගොඩක් කියන්න විමල්ට පුළුවන්. මෙයාල උස්සන්න හදන ව්යාජ ජාතිකවාදී කන්ෂෙප්ට් එකට ඔය කවුරු හරි අහුවෙන්න පුළුවන්.
අනික තමයි මොන ක්රමයකින් හරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න හිතන සෙට් එකක් ඉන්න තැනක ඕක බස්සන එක මහ ලොකු වැඩක් නෙවෙයි.ඒ අයට විමල්ලගේ මේ වැඩේ හොඳ අවස්ථාවක්. ඊළඟට එන ප්රශ්නය කවුද මේ ලණුව ගිලින්න ඉඩ තියෙන පුද්ගලයෝ කියන එකයි.මේ ජනාධිපතිවරණ සටනට ජාතිවාදී කතාව කියවගෙන එන කීපදෙනෙක්ම ඉන්නවා.
එක්කෙනෙක් දිලිත්.දිලිත් මේ උඟුලට පය තියන්න පුළුවන්. මොකද දෙගොල්ලොම ව්යාජ ජාතිකවාදියෝ.රටේ රාළට ආරංචි විදිහට දිලිත්,විමල්,ගම්මම්පිල අතර යම් සාකච්ඡාවක් තියනවා. එතනට බොහෝම දුරට ඩලසුත් එකතු වෙන්න බැරි නෑ.එතන බිලි boy දිලිත් වෙන්න බැරි නෑ.ඒ වගේම එයාලා උවිඳු විජේවීරවත් ටච් කරලා තියනවා.උවිදුත් ජාතිකවාදී කතාව කියාගෙන තමයි එන්නේ.
සමහර තැන්වලට උවිඳු ඇවිත් තිබුණ විදිහ බැලපුවහම උවිඳු වැඩේට ඇඳලද කියලත් හිතෙනවා. ඊළඟට මෙයාලගේ තවත් ඉළක්කයක් වෙන්න පුළුවන් චරිතයක් තමයි හිටපු නැගෙනහිරට ආණ්ඩුකාර අනුරාධා යහම්පත්.අනුරාධත් යම් කැමිපේන් එකක් ජාතික සංවිධාන එකමුතුවේ ඉතිරි වෙලා ඉන්න නෂ්ඨාවශේෂ එක්ක මේ දවස්වල ගෙනියනවා. තවත් ජනාධිපති සිහිනය මැද අතරමං වෙලා ඉන්න අය ඉන්නවා.
රොෂාන් රණසිංහ කියන්නේ අතරමං වෙච්චි කෙනෙක් නෙවෙයි ලණුවක් ගිල්ලවලා ඔය අතමං කරපු කෙනෙක්.රොෂාන්ටත් ඒ වගේ යෝජනාව ආවොත් රාජ යෝගය ආයෙත් ඇවිල්ලා කියලා හිතෙන්න පුළුවන්.රොෂාන් රණසිංහ ගැනත් එයාලගේ අවධානය යොමුවෙලා තියනවා.ඒ තමයි විමල්ලා ගහන්න හදන ගේම් එකේ අවදානම් සීමාවේ ඉන්නේ අය.මෙතනදී සජිත්ටවත් විමල්ලටවත් තවමත් ලණුව ගිල්ලවන්න බැරි උනේ දයාසිරිට විතරයි.
දයාසිරි යම් දේශපාලන කියවීමක් එක්ක ඉන්න නිසා වෙන්න ඇති. ඔයාලටත් හෙට දවසේදී විමල්ගේ බිලි boy කවුද කියලා බලා ගන්න පුළුවන්.ඊට කලින් මේ බිලි පූජාව ගැන රටට අනතුරු අඟවලා තියන එක රටේ රාළගේ වගකීමක්.ඒත් ඉතින් උඟුලට පය තියනවාද නැද්ද කියන තීරණය එයාලාට අයිති දෙයක්.
ඇත්තටම අපේ රටට සන්ධානයක් ඕනි.හැබැයි ඒක ඕනි ඔය කවුරුවත් පුටුවල වාඩි කරවන්නවත්,ඒ වෙනුවෙන් බිල්ලට යන්නවත් නෙවෙයි.සන්ධානයක් ඕනි මේ රට ගොඩනගන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *