වල්බූරු නිදහස බොරු සමාජගත කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

 

 

ලංකාවේ තිබෙන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

චීනය වැනි රටවල් දියුණුවට පත් වූයේ එවැනි වල්බූරු නිදහසක්  නොමැති නිසා බවද අබෙිවර්ධන මහතා කීය.

විවිධ කණ්ඩායම්  ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා  සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල  බොරු අපහාස කරන සමාජ මාධ්‍ය වලට ඉඩ තබා නැතැයි සඳහන් කළේය.

ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.

ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, කොමියුනිස්ට් පක්ෂය ආදී සියලු දේශපාලන පක්ෂ රටට අවශ්‍ය බව කී අබේවර්ධන මහතා උදාවන 2024 වර්ෂයේදීවත්  බෙදෙන්නේ නැතිව එකතු වෙමු යැයි ආරාධනා කරන බව සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *