‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව

‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරීමුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කළ ‘කාර්ය සාදක බලකාය’ජනතාවගේ අදහස් උදහස් ලබා ගනිමින් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙළේය. හානිපූරණය සඳහා වන කාර්යාලයක්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත වැරදි ඇති නොවන බවට වගබලා ගන්නා කොමිසමක්, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් සහ අධිකරණයාන්ත්‍රණයක් පිළිබඳවත්, එකී යාන්ත්‍රණ හතරෙන් ඔබ්බට ගිය සංක්‍රාන්තික යුක්තිය පිළිබඳව සහ පීඩාවටපත පුද්ගලයන් සහ ප්‍රජාවන් සඳහා සැපයියයුතු ආධාර සහ ඔවුන්ගේ ආරක්ෂා ගැන කාරණාත් එහි අඩංගු වෙයි.

එය, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ප්‍රජාවන්හි වින්දිතයන්ගේ දුක් වේදනා පිළිබඳ වාර්තාවකි. එපමණක් නොව, හිටපු එල්.ටී.ටී.ඊ, සාමාජිකයන්ගේ මෙන්ම රජයේ හමුදාවන්හ ිසොල්දාදුවන්ගේ දුක්වේදනා ගැනත් එහිවිස්තර වෙයි. සියලු වින්දිතයන්ගේ මානසික අවශ්‍යතා පිළිබඳවත් අප සැලකිල්ල යොමු කළයුතුව තිබේ. ක්‍රියාන්විතයන්හි යෙදුනුසොල්දාදුවන්ගේ මානසික අවශ්‍යතාපවා පසුගිය රජය නොතකාහැර තිබුණි.

කෙසේ වෙතත් මේ සංහිඳියා ක්‍රියාවලිය නිසා, ජාතික ආරක්ෂාවට හානිවිය හැකිබවත්, ඇතිවු තුවාල තව පෑරෙනවාසේම අළුත් තුවාල ඇතිවිය හැකිබවත්, අන්තර්-වාර්ගික සහ අන්තර්-ආගමික බෙදීම් උත්සන්නවිය හැකිබවත්, ආරක්ෂක අංශ සහ පොලීසිය පෙන්වා දී ඇතිබව වාර්තාවේ සඳහන්වෙයි. විශේෂයෙන් වගවීමේ යාන්ත්‍රණය තුළ විදේශීයසහභාගීත්වය ලබාගැනීම ආරක්ෂකඅංශ තරයේ ප්‍රතික්ෂේප කළබවත් වාර්තාව පෙන්වාදෙයි. (විධායකසාරාංශය: බී. 3)

මෙය මුළුමණින්ම දේශීය ක්‍රියාවලියක් වියයුතු බව දකින සිංහල ප්‍රජාවෙන් බොහොමයක් දෙනා ජාත්‍යන්තර සහභාගීත්වයක් ප්‍රතික්ෂේපකරන බවත් වාර්තාව පෙන්වාදෙයි. (විධායකසාරාංශය: සී.23)

ජනවාරි 3 වැනි දා වාර්තාව භාර දීමේ උත්සවයට සහභාගී වූ විපක්ෂනායක ආර්. සම්බන්දන්, ප්‍රජාතන්ත්‍රීයව පත්කරගත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝග පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් වැදුණු හමුදාවන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමේ හැකියාවක් නැතිබ වපෙන්වාදුනි. එසේවෙතත්, යම් නිලධාරියෙකු හෝ සොල්දාදුවෙකු, අත්අඩංගුවටපත් කෙනෙකු ඝාතනයකොට ඇත්නම් හෝ කාන්තාවක් දූෂණයකොට ඇත්නම් එය යුදඅපරාධයක් වනබව ඔහුකීවේය. එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු බවත්, එය යුද්ධයේදී සටන් කළ හමුදාවන්ට එරෙහික්‍රියාවක් නොවන බවත් ඔහු පෙන්වා දී තිබේ. (ජනවාරි 8 රාවය: සමබිම අතිරේකය).

සැබෑව වන්නේ එයයි. එම අදහස දෙමළ ජාතිකසන්ධාන නායකයාගේ මුවින් පිටවීම අපඅගේ කළයුතුය. එම ප්‍රකාශයට හැකි තාක්ප්‍රචාරය ලබාදියයුතුව තිබුණත්, ආණ්ඩුව ඊට අසමත්විය.

වාර්තාව කියන පරිදි, සාපරාධී ක්‍රියාවක් පිළිබඳ යම් සාක්ෂියක් ඇතොත් ඒ ගැන නීතිය ක්‍රියාත්මක වියයුතු බවත්, සත්‍යය සෙවීමේ ක්‍රියාවලියට තමන්ගේ සහාය ලැබෙන බවත් හමුදා නියෝජිතයන් කියා තිබේ. ඔවුන් සම්බන්ධයෙන් ගත් විට සාපරාධීක්‍රියාවක් සිදුව නැති හෙයින් සමාව දීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් ඔවුන්පෙන්වා දී තිබේ. (විධායකසාරාංශය:බී.4).

මේ නිසා, විපක්ෂ නායකයා සහ හමුදා කොටස්සිතන ආකාරයේ යම්සාම්‍යත්වයක ්ඇතිබව පෙනේ. ආණ්ඩුවේ හමුදාවට එරෙහිව බරපතල චෝදනාඑල්ල වී ඇතිනිසා ඒ ගැන විභාගයක් කළයුතුව පවතී. පරාජය කළ නොහැකියැයි සිතූ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ගැන ජාත්‍යන්තර වශයෙන් හමුදාවට අත්වියයුතුව තිබූ කීර්තිය ලැබුණේ නැති බවත් සිහිතබා ගත යුතුය. දේශීය විනිසුරුවරුන් බහුතරයක් සහ ප්‍රමාණවත් විදේශීය විනිසුරුවරුන් ප්‍රමාණයක සහභාගීත්වයෙන් මිශ්‍ර අධිකරණයක්, ‘ප්‍රවිචාරණ කාර්ය සාදක බලකාය’ නිර්දේශ කරයි.

ජනවාරි 6 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත මෙසේ වාර්තා කොට තිබුණි: “අගමැතිවරයා විසින් පත්කරන ලද ‘ප්‍රවිචාරණ කාර්ය සාධකබලකාය’ ගැන විශ්වාසයක් තමන්ට නැතිබව අධිකරණ ඇමති විජේදාසරාජපක්ෂ කීවේය. යුද්ධයේ අවසාන අදියරේදී සිදුවිණැයි කියන යුදඅපරාධ චෝදනා සහ මානවහිමිකම් උල්ලංඝණයන් ගැන පරීක්ෂා කිරීම සඳහා සෑම අධිකරණමඩුල්ලක් තුළම අඩු වශයෙන් එක් විදේශ විනිසුරුවරයෙකු හෝ සිටියයුතු බවට‘ප්‍රවිචාරණ කාර්ය සාදක බලකාය’ නිර්දේශ කර තිබේ. ‘කාර්ය සාදක බලකායේ’ඇතැම් සාමාජිකයන්‘ රාජ්‍යනොවන සංවිධාන’ ක්‍රියාකාරිකයන ්බවකී ඇමතිවරයා, මෙසේ ද කීය: “අධිකරණයේ ස්වාධීනත්වය ගැන තවදුරටත් කිසිවෙකු චෝදනා නොකරයි. අප සංහිඳියාව සහ සාමය සඳහාවන ක්‍රියාවලීන් ස්ථාපනයකොට ඇත. මේවෙලාවේ මෙවැනි වාර්තාවක් කොහෙත්ම උචිත නැත. එබැවින් එම වාර්තාවේ නිර්දේශ අප අනුගමනය කළයුතු නැත.”

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග පෙන්වාදුන් පරිදි ‘කාර්ය සාදක බලකාය’පිහිටුවීම ගැන කැබිනට් මණ්ඩලයේ පැවති සාකච්ඡාවට විජේදාසරාජපක්ෂ ද සහභාගී වී තිබේ. එසේම, රාජපක්ෂ රෙජිමය විසින් උලුප්පා දක්වන ලද ‘රාජ්‍ය නොවනසංවිධාන බිල්ලාට’එරෙහිවත් ඔහු එදා කතාකොට තිබේ. දැන්, වාර්තාව තුළ විදේශවිනිසුරුවරුන් සිටියයුතු යැයි කී පමණින් මුළු වාර්තාවම ඔහු ප්‍රතික්ෂේප කරයි. ජනාධිපති නිවෙසින ්හෝ අරලියගහ මැදුරෙන් විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් දීමෙන් වැළකීසිටියොත් අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කළහැකිය. එහෙත් අධිකරණයේ අපක්ෂපාතීත්වය යළි ස්ථාපිත කිරීම එතරම් පහසුනැත. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිසිවෙකු පැමිණිලි නොකළත්, අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්න තිබේ.

2016 දෙසැම්බර් 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත මෙසේ වාර්තා කෙළේය: “හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජාර විරාජ්ගේ ඝාතනය පිළිබඳ අධිකරණ තීන්දුව ගැන තමන් සෑහීමටපත් නොවන බවකී, යාපනේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, එම විනිශ්චයට එරෙහිව තමන් ඇපෑලක් ඉදිරිපත් කරන බවකීය. ඔහුමෙසේ ද කීය: “රටේ අධිකරණය ගැන ඇති ජනතාවගේ සැකය මේ තීන්දුවෙන් ප්‍රකාශයට පත්වෙයි. සිදු වී යැයි කියන යුදඅපරාධ ගැන විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගීකර ගත යුතු බව අපකියන්නේ එබැවිනි. හානියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා වශයෙන්, මේ තීන්දුවට එරෙහිව මමඅභියාචනයක් ඉදිරිපත් කරමි.”

2016 දෙසැම්බර් 26 වැනි දා ඉන්දියාවේ‘ හින්දු’පුවත්පත මෙසේ වාර්තා කෙළේය: “කණිෂ්ඨ මට්ටමේ නාවුක හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු තමන්ගේ හිතුමතේට මේක නොකළබව දැන්පැහැදිළියි. තව කෙනෙකුගේ නියෝග මත කටයුතු කිරීම ගැන තමයි ඔවුන් වගකිවයුත්තේ. ඒකමේ ප්‍රහේලිකාවේ පුංචිකොටසක් විතරයි. මේක සිද්ධවුණේ අවුරුදු 10 කටකලින්. මේකට නියෝග දුන්නේ කවුද කියලා බලාගන්නයි අපි දැන්ඉන්නේ.”යැයි‘හින්දු’පුවත්පතටඑම්. ඒ. සුමන්දිරන්කියා ඇත.

ඊළඟට, ජනවාරි 12 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත මෙසේ වාර්තා කෙළේය: “යාපනේදි ස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය පිළිබඳ අධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත්කොට ඇතිඅතර, එමනඩුව නැවත විභාග කරනලෙෂ ඉල්ලා ඇත. ඒ ගැන මහාධිකරණයට අයැදුම්පතක් ඉදිරිපත් කරන නීතිපතිවරයා, මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන දවසේඅධිකරණයක් සඳහා ඇති සාමාන්‍යකාලය ඉක්මවා යමින් රාත්‍රී 12 වන තෙක් මේ නඩුවවිභාග කොට ඇතිබව පෙන්වාදුනි. එසේම නඩුවිභාගය තුළදී මතු වූඉතාවැදගත් කරුණු කිහිපයක් ගැන සභාපති විනිසුරුවරයා කිසිපැහැදිළි කිරීමක් කොටනැති බවත් පෙන්වාදුනි.”

මේ නඩුවේ සමස්ත ජුරිය සමන්විත වුණෙ සිංහලයන්ගෙනි. චූදිත නාවුක හමුදා නිලධාරීන් තිදෙනා ද සිංහල ය. මේ නඩුවේ පමණක් නොව, ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධි තුළත් බුද්ධිඅංශ සාමාජිකයන් සහභාගී වී අතර එම නඩු අසාමාන්‍ය කාලයක් තිස්සේදිග් ගැස්සෙයි. එපමණක ්නොව, නඩු පවරන නිලධාරීන්ව ජනාධිපතිවරයා විසින්මත් විවේචනයකොට ඇත.

එබැවින්, ඊනියා යුදඅපරාධ පිළිබඳ නඩුවිභාග කිරීම සඳහා කිසි විදේශවිනිසුරුවරයෙකු සහභාගීකර ගත නොහැකි බවකීමට සදාචාරමය අයිතියක් අපටනැත. යුක්තිය ඉෂ්ටවෙනවා පමණක් නොව, එය ඉෂ්ටවන බව පෙනෙන්ට ද තිබිය යුතුය.
සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *