බයිඩන්,පූටින් කවුද වික්‍රමසිංහ ඉස්සරහ – වජිර

pinterest sharing button
email sharing button
sharethis sharing button

      ජෝ බයිඩ්න්, පුටින්ට වැඩිය රනිල් වික්‍රමසිංහ ලොකු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අහලකටවත් ඔවුන්ට ඒමට ඔවුන්ට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා 1973 සිට දේශපාලනයෙහි නියැළෙමින් විවිධ මැතිවරණ 70 කට පමණ මුහුණ දී ඇති අතර එවන් දේශපාලන අත්දැකීම් ඇති වෙනත් නායකයකු ලෝකයේ නොමැති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

වැටුණු රටක් ගොඩ දමා ජනාධිපති වික්‍රමසිංහ ලෝකයටම ආදර්ශයක් සපයා ඇති බව ඔහු කියා සිටියි.

“රනිල් වික්‍රමසිංහ නමැති නායකයා මං දැක්කා කියනවා ඡන්ද ලක්ෂ 100ක් කියලා, මට නම් හිතෙන්නෙ ඊටත් වැඩිය පුළුවන් කියලා. අපි ඔක්කොම එකතුවෙන්න තියෙනවා. බලයි අපිව භේද කරන්න, තරහ කරන්න. අපට බැන්නත් කමක් නෑ, බැනුම් අහගෙන හරි එකතු කරගන්න ඕනෙ ඔක්කොම. මේ රට අපට ගොඩගන්න තිබෙනවා. එතකොට පුළුවන් ඔබටත් කවදාහරි සතුටු වෙන්න අපේ ජීවිත කාලෙදි අපි ලංකාව ඔසවලා තැබුවා කියලා. එනිසා අපේ අයට කියන්න ඕනෙ තනතුරු තණ්හාව අතහැර ගන්න කියලා. තණ්හාව තිබුණොත් අනිසි බලවේග ඇතුළු වෙයි. ඔබ අද සතුටු වෙන්න ඕනෙ එදා වැටුණු රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ගොඩදාලා තිබෙන නිසා. ලෝකයට ඒ කරන ආදර්ශයක් එතුමා දීලා තියෙනවා. මං කිව්වා ජෝ බයිඩ්න්ට වැඩිය, පුටින්ට වැඩිය රනිල් වික්‍රමසිංහ ලොකුයි කියලා. මොකද පුටින් දේශපාලනයට එන්නෙ 1999. ලෝකයේ ලොකු රටවල නායකයින් වෙන්න පුළුවන්, නමුත් අපේ නායකයාගේ අහලකට එන්නවත් බෑ. ඇයි අපි ලංකාව වටේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාර්ලිමේන්තු ඇරියේ ? නොදැන නෙවෙයි, දැනගෙන ඇරියේ. යවන දවසෙත් පක්ෂ මූලස්ථානෙදී මාධ්‍ය මගෙන් අහනවා රනිල් වික්‍රමසිංහව යවන්නේ විපක්ෂ නායක කරන්නද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාව අනුගමනය කරන කෙනෙක් හැටියට, අනුකරණය කරන කෙනෙක් හැටියම මම කිව්වා නෑ අපි එතුමාව අරින්නෙ වැටෙන රට ගොඩගන්න මුළු පාර්ලිමේන්තුවම එකතු කරලා අගමැති කරලා ජනාධිපති කරන්න කියලා. පහුවදා පත්තරවල කිව්වා වජිරට පිස්සු කියලා. සමහරු හිතනවා පේන කියනවා කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නෙ දේශපාලනඥයෙකුට එහා ගිය මහා ආර්ථික විශේෂඥ දේශපාලනඥයෙක්. සේරම පැරදිලා, මාත් පැරදිලා, ලොක්කාත් පැරදිලා ඉද්දි මං ඇහුවා සර් දැන් මොකද වෙන්නෙ කියලා. බය නැතුව ඉන්න වජිර 2023 අපට පාලනය ගන්න පුළුවන් කිව්වා. මං ඇහුවා කොහොමද සර්, එකයිනෙ තියෙන්නෙ කියලා. අයියෝ වජිර එකක් වැඩිත් එක්ක කිව්වා. එතකොට මට තේරුණා මේක ඇතුළට යන්නම ඕනෙ මෙයා තමයි කියලා. ඕක දන්න හින්දා මං සමහර වෙලාවට කිව්වා ඔය පාර්ලිමේන්තුව වහලා දාන්න කියලා. තරහට නෙවෙයි. ඔය රට තනියම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආසියාවේත් ලෝකයේත් ඉහළම තැනකට ඔසවලා තබන්න පුළුවන් කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *