|

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට පෙබරවාරියේ අත්සන් තැබෙයි

 

තායිලන්ත – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවත්, එයට අත්සන් තැබීම ලබන පෙබරවාරි මාසයේ කොළඹ දී සිදුකරනු ඇති බවත්, වාර්තා වෙයි.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුම අනුව තායිලන්ත අගමැති ශේට්ඨා තව්සින් (  Srettha Thavisin) මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

තායිලන්ත වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇත්තේ වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් දෙසැම්බර් 18-20 දිනවල කොළඹ පැවති සාකච්ඡා වල දී අවසන් එකඟත්වයකට පැමිණ ඇති බව යි.

මෙය දෙරටට ම වාසිදායක වනු ඇති බව කියති.

එමෙන් ම ආසියාන් කලාපයේ වෙළෙඳාම ප්‍රවර්ධනය කර ගැනීමට ප්‍රවේශයක් ලෙස ශ්‍රී ලංකාවට මෙය වැදගත් වන බව ද කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *