|

මෙම වසරේ විදේශ වෙළෙඳාමේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක්

 

ජංගම ගිණුමේ ශේෂය ලෙස හඳුන්වන විදේශ වෙළෙදාමේ සමස්ත හිගය හෝ අතිරික්තය පෙන්නුම් කරන සංඛ්‍යාවේ මෙම වසරේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව ඉකොනොමැට්ටා යන නමින් අන්තර්ජාලයට ලිපි සපයන මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා දිගු විවරණයක් කරමින් ප්‍රකාශ කරයි.

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ තක්සේරුව වන අතර මහාචාර්ය විදුරතෙන්නකොන් මහතා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති ආදායම් වියදම් වාර්තා සමස්තයක් ලෙස සලකා බැලූ විට එම ඉලක්කය යථාර්ථයක් වන බව පෙනී යන බව යි.

දළ දෙශියනිෂ්පදිතයෙන් සියයට 1.5 ක් ලෙස මෙම සංඛ්‍යාව සටහන් වෙයි.

මෙලෙස ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇත්තේ 1956 න් පසු 1965 සහ 1977 වර්ෂ වල දී පමණකි

මහාචර්ය විදුර තෙන්නකෝන් මහතාගේ ඉකොනො මැට්ටා ලිපියේ මෙසේ සඳහන් වෙයි.

 

“ජංගම ගිණුමේ ශේෂය ඉහත ගිණුම් හතරේ ශේෂයන්හි එකතුවයි. අපගේ විශ්ලේෂණය අනුව වෙළඳ ගිණුමේ හිඟය මෙන්ම සේවා ගිණුමේ අතිරික්තයද අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වලට වඩා අඩු වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම, ප්රාථමික ආදායම් ගිණුමේ හිඟයද සුළු වශයෙන් වැඩි විය හැකියි. ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න විය යුතුයි. මේ සියල්ලේ සම්ප්රයුක්ත ප්රතිඵලය අනුව අප දකින චිත්රය අනුව ජංගම ගිණුමේ ශේෂය හා අදාළව අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 1,234ක අතිරික්තය යථාර්තයට බොහෝ දුරට කිට්ටු විය යුතු බව අපේ අදහසයි. එය එසේ වුවහොත් මෙය දදේනියෙන් 1.5%කට සමාන ජංගම ගිණුම් අතිරික්තයක්. පෙර සඳහන් කළ පරිදි, 1956න් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1965 හා 1977 වර්ෂ වලදී පමණයි.

කළ යුතුම දෙය වන විදේශ ණය ප්රතිව්යුහගත කිරීම මේ වන විටද සිදු වී නැහැ. එහෙත්, ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙන තිබෙන නිසා අලුතෙන් විදේශ ණය අවශ්ය වන්නේ පැරණි විදේශ ණය ගෙවීම සඳහා පමණයි. විදේශ ණය ප්රතිව්යුහගත කිරීම සිදු කෙරෙන තුරු එම ණය හා වාරික ආපසු ගෙවීමක් සිදු නොවන නිසා මේ තත්ත්වය යටතේ වැඩි අපහසුතාවයකින් තොරව විදේශ අංශයේ සමතුලිතතාවය පවත්වා ගත හැකියි
මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතාගේ සම්පුර්ණ විග්‍රහය වෙන ම පළ කොට ඇත.
https://yukthiya.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%85%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *