එජාපය ජනපතිවරණ සටන අරඹයි

print sharing button
whatsapp sharing button

 

 

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි  19 දා සිට රටපුරා  රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව  රට පුරා පැවැත්වීමට ද තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්නා ලද උසස් නිලතල කමිටුවේ සහ අනෙකුත් කමිටු සඳහා නියෝජිතයන් ලබන ජනවාරිය වන විට පත් කරන බව එජාප නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන්නේය.

 

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *