|

පරාටේ නීතිය අහෝසි කළොත් තැන්පතු අවදානමේ ; ණය දෙන්නත් බැරිවෙයි – ශ්‍රී ලංකා බැංකු සංගමය

 

බැංකුවල ණය කරුවන්ගෙන් ණය අයකරගනීමේ දී දේපළ අත්පත් කරගැනීමේ බලය බැංකුවලට ලබාදෙන පරටේ නීතිය අහෝසි කළහොත් බැංකු තැන්පතු අවදානමට ලක්වන බවත්, ණය ලබා දීම ද සීමා කිරීමට සිදුවන බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය ප්‍රකාශ කරයි. එබැවින් ණය ගෙවීම පහර හැරීම වළකා ගැනීම සඳහා පරාටේ නීතිය අත්‍යවශ්‍ය බව බැංකු සංගමය කියයි.

බැංකු සංගමය පෙන්වා දෙන්නේ ණය අයකර ගැනීමට නොහැකි වූ විට බැංකු තැන්පතුකරුවන්ගේ තැන්පතු සමග බැංකු ද අවධානමට ලක්වන බව යි.

එමෙන් ම දේපළ ඇපයට ගෙන ණය ලබාදිය හැකියාව බැංකුවලට ලැබෙන පරාටේ නීතිය නොමැති විට ණය ලබාදිය හැකි වන්නේ පරිස්සමින් තෝරාගත් සුළු පිරිසකට බව ද බැංකු සංගමය කියයි. එවිට බැංකු ණය ලබාගැනීමේ හැකියාව සුළු පිරිසකට සීමා වනු ඇති අතර ජනතාවගෙන් බහුතරයකට එම අවස්ථාව අහිමි වනු ඇත.

පරාටේ නීතිය අහෝසි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

බැංකු සංගමයේ ප්‍රකාශය එයට ප්‍රතිචාරයක් ලෙස සිදුකල බව පෙන්නේන්නට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *