|

මෙරට නිල විදෙස් සංචිත ඩොලර් බිලියන 4 ඉක්මවයි

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව IMF වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකය, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ  ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක් වන මෙම මූල්‍ය පහසුකම් හරහා අයවැය ශක්තිමත් කිරීම සහ රටේ විදේශ සංචිත වැඩිදියුණු කිරීම සඳහා යොදාගනු ලබන බව කියති

මේ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රටට ගලාඒමත් සමග එය රටේ විදේශ සංචිත ශක්තිමත් කරනු ඇති බව ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *