|

එජාප, පොහොට්ටුව අතහැර ජනාධිපතිවරණයට රනිල් ස්වාධීනව තරඟ වදියි !

තමන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ පක්ෂ පෙරමුණකින් හෝ තරග නොකර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

සියලු පක්ෂවල සහය ලබන පොදු අපේක්ෂකයකු ලෙස තරග කිරීම වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගය වී ඇතැයි කියති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග නොකර මෙලෙස ස්වාධීනව තරග කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ ද පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇතැයි කියති. වික්‍රමසිංහ මහතා ස්වාධීනව තරග කිරීමට යන්නේ එසේ ඇතිකරගත් එකඟතා අනුව ය.

ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා කොළඹ මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට නිවෙසක් කුලියට ගෙන ඇති අතර එහි අලුත්වැඩියා කටයුතු ද මේ වනවිට අවසන් වී ඇත. එම ස්ථානයේ සිට මැතිවරණ මෙහෙයුම් කටයුතු ජනවාරි දෙවැනි සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.

එම ස්ථානයේ මෙහෙයුම් කටයුතු සඳහා පිරිස් සංවිධානය කිරීම ද මේ දිනවල සිදු කරමින් පවතියි. දැනට ජනාධිපති කාර්යාලයේ විවිධ තනතුරු හොබවන කිහිප දෙනෙකු ද එම කටයුතුවලින් නිදහස් කොට මේ ස්ථානයේ සේවය සඳහා යොදවනු ඇතැයි ද කියති.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *