විදුලි ඉංජිනේරු සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් – ඇමති කංචන විජේසේකර

 

 

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, ඔවුන් කරමින් සිටියේ ආයතනය තමන්ට කැමති ආකාරයෙන් පාලනය කිරීම බවත්, තමන් එයට ඉඩ නොදීම නිසා ඔවුන් දැන් තමන් සමග වෛරයෙන් කටයුතු කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

ආයතනයේ සාමාන්‍යධිකාරී තනතුරට ඔවුන් කියන තැනැත්තාම පත් කළ යුතු බවට සම්ප්‍රදායක් ගොඩ නගා තිබු බවත්, තමන් එය වෙනස් කළ බවත්, කී ඇමතිවරයා විශ්‍රාම යාමට දින දෙක තුනක් තිබු අයට උසස් වීම් දුන් අවස්ථා ද තිබු බව පැවසීය.

ආයතනය පාඩු ලබද්දී බෝනස් ගෙවීම තමන් නවතා දැමු බවත්,පසුගිය වසරේ බෝනස් නොගෙවූ බව සහ මේ වසරේ ද නොගෙවන බව ඇමතිවරයා කීය. විවිධ වර්ගයේ වෙනත් දීමනා ද ඔවුන් ලබා ගනිමින් සිටි බව කී ඇමතිවරයා ඒවා නැවත්වීම නිසා ඔවුන් කෝප වී සිටින බව ද කී ය.

නව විදුලි බල පනතට තම අදහස් ලබානොගත් බවට විදුලි ඉංජිනේරු සංගමය කරන චෝදනාවක් ගැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කීවේ විදුලි ඉංජිනේරු සංගමය සමග සාකච්ඡා තුනක් පැවැත් වූ බව සහ ඒ පිලිබඳ වීඩියෝ පට ද ඇති බව යි. කෙසේ වෙතත්, එක් පිරිසකට අවශ්‍ය ආකාරයට පමණක් විදුලිබල පනත සකස් කළ නොහැකි බව ද ඇමතිවරයා පැවසීය.

නව විදුලිබල පනතේ කෙටුම්පත ගැන සියලු දෙනාට අදහස් දැක්වීමට සති දෙකක කාලයක් ලබා දී ඇති අතර ජනවාරි 3 දින දක්වා එම අදහස් ඉදිරිපත් කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *