විදුලි ගාස්තු ජනවාරියේ අඩුවෙයි

 

ජනවාරියේ සිදු කිරීමට නියමිත ගාස්තු සංශෝධානයේ දී විදුලි ගාස්තු අඩුවනු ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

පසුගිය මාස දෙකේ ලැබුණු අධික වර්ෂාව නිසා ජල විදුලි නිෂ්පාදනය උපරිම ලෙස සිදුවන බැවින් මෙම හැකියාව ලැබී තිබේ.

එබැවින් අප්‍රේල් සිදු කිරීමට නියමිතව තිබු ගාස්තු සංශෝධනය ජනවාරි මාසයේ කිරීමට රජය තීරණය කොට ඇත.

ජල විදුලි නිෂ්පාදනය ඉහල යෑම නිසා දැවිතෙල් භාවිතයෙන් වීදුලිය නිපදවීම නතරවීමෙන් තෙල් පිරිපහදුවෙන් ලදෙන දැවිතෙල් ටොන් 67,000 ක් එකතු වී ඇති බවත්, තෙල් ටැංකි බොහෝමය පිරී ඇති බවත් කී ඇමතිවරයා එම තෙල් අපනයනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *