අපේ නායකයන්ට ජාතිය ගොඩනැගීම ගැන අවබෝධයක් තිබුණෙ නැහැ – වික්ටර් අයිවන්.

ඉන්දියානු නායකයින් එක්ක ගත්තම, අපේ සිංහල නායකයින් විතරක් නෙමෙයි, සිංහල දෙමළ, මුස්ලිම් හැම නායකයෙක්ම නූතන සංකල්ප පිළිබඳ මළපොතේ අකුරක්වත් දැනගෙන හිටියෙ නැහැ. පිටරට ගිහින් ඉංග‍්‍රීසි කතා කරන, කටිකෝට් ඇඳපු නායකයන්ට ජාතික රාජ්‍ය කියන පදය ගැනවත් න්‍යායික අවබෝධයක් තිබුණෙ නැහැ. ජාතිය කියන දේ ගැනත් න්‍යායික අවබෝධයක් තිබුණෙ නැහැ. වාමාංංශකයින් පවා ගොඩනැගුවෙ ජාතිය නෙමේ පංතියයි. අපේ නායකයින්ට දැක්මක් තිබුණෙ නැහැ. එක කුල භේදයට තිබුණ පිළිගැනීම නැති කළේ නැහැ. උස් පහත් භේදය නැති කළේ නැහැ. ඒක වහාම නැති කරන්න බැහැ. ශක්තිමත් අත්තිවාරමක් දැමිය යුතුයි. දෙවෙනි කාරණය වර්ගවලට අයත්, විවිධ ආගම්වලට අයත් ජනයා අතර සංහිඳියාවක් ඇති කිරීමට අසමත් වුණා. ඇත්තටම නිදහස ලබන අවස්ථාව වන විට, ලබන්න යන නිදහසක් ගැන කතාකරන්න යන අවස්ථාවක් වනවිට නිදහස ගැන සැකෙන් බලපු දෙකොට්ඨාශයක් ලංකාවෙ හිටිය. ඒ සුළු වාර්ගික ජනයාගේ නායකයින්. දෙක සුළු පීඩිත කුලවල ජනයාගේ නායකයින්. ඒ දෙපිරිසම ඩොනමෝර් කොමිසම වෙත වෙන්වෙන්ව තමන්ගෙ දුක් ගැනවිලි ඉදිරිපත් කෙරුව. ඒ ගොල්ල කිව්ව, තාම ලංකාවට නිදහස දෙන්න මෝරල නැහැ කියල. සුළු ජාතික නායකයින් කිව්වා දැන් නිදහස දුන්නොත් එහෙම මහ ජාතියේ ආධිපත්‍යයක් ඇතිවෙලා අපි පීඩාවට පත්කරනව කියල. පීඩිත කුලවල නායකයො කිව්වා එහෙම වුනොත් ගොවිගම, වෙල්ලාල ආධිපත්‍යයක් ඇති වෙලා අපිව පීඩාවට පත්කරයි කියල. ඉතා බරපතල බෙදීමක් ඇතිවෙලයි පැවතුනෙ. ඇත්තෙන්ම ඒ කිසිම ප‍්‍රශ්නයකට විසඳුම් නැතුව, කිසිදු අරගලයකුත් නැතුව තමයි අපි නිදහස ගත්තේ. නිදහස අපට උරුම කරදුන් කිසිම විශේෂ දෙයක් නැහැ. නිදහස් චින්තනයක් අපිට උරුම කෙරුවෙ නැහැ. හිතන්න මතන්න අපිව පුරුදු කෙරුවෙ නැහැ. ජීවිත කෙරෙහි ඉදිරිගාමි ලෙස බලපාන කිසිදෙයක් අපිට ලැබුණෙ නැහැ. නිදහස අරගෙන අපි ඉස්සරහට යන්න උත්සාහ කළේ නැහැ. ශක්තිමත් පදනමකින්, හරිවිදිහට නෙමෙයි අපේ දැතිරෝද කැරකුනෙත්. හැම නායකයෙක්ම, වර්ගය, ආගම, කුලය මේවා කරගහගෙන තමයි ඉස්සරහට යන්නගත්තෙ. ඒ යන ක‍්‍රියාවලිය තුළ මුලදී අවුල් ඇති වුණා. ජාතිවාදී කෝලහල ඇති වුණා. ඒවා ටික වෙලාවකට යටපත් කළත් ගොජ දමන දෙයක් හැටියට එළියට පැන්නා.  මහා ලේ ගංගාවකට රට තල්ලූ කෙරුවා. ඒ ලේ ගංගාව එන්න ඉස්සරවෙලා අපිට අවුල් තිබුණා. අපේ ආණ්ඩුක‍්‍රමයෙත් අවුල් තිබුණා. ඒ කියන්නෙ තරෙ`ගට ව්‍යවස්ථා හදපු රටක් ලංකාව. දැන් හතරවෙනි ව්‍යවස්ථාව හදන්නෙ. අපි කියන්නෙ අපි හරි ශීලාචාර ජාතියක් කියල.  ශීලාචාර රටක් කියල. පනත් විදිහට තමයි ව්‍යවස්ථා හදන්නෙ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක් හදන්නේ අවුරුදු සියයකට විතර, සමහරවිට අවුරුදු හාර පන්සියයකට විතර. එකක් හදනවා ඒක අපිට අවුරුදු පහකින් දහයකින් එපා වෙයි. ඊට පස්සෙ තවත් එකක් දහනව. මේ වගේ ගමනක් තමයි අපි යන්නෙ. සියල්ල අවසන් වෙනකොට ලංකාව සුන්බුන් ගොඩක් ලෙස ඉතුරුවුණා.
ඉතාම වැදගත් දේ තමයි, නිදහස ලබාගන්නාවිට අපි හිටපු තැන. තුලනාත්මකව බැලූවොත් අපි බනින සුද්දා අපිට ඉඩ දීලා යනකොට දකුණු ආසියාවෙ නෙමෙයි, මුලූ ආසියාවෙම දර්ශක විශාල සංඛ්‍යාවකින් අපි බැබලෙන රටක් බවට පත් වුණා. අපි දෙවෙනි වුනේ ඒක පුද්ගල ආදායමෙන් ජපානයට පමණයි. අපේ සෞඛ්‍ය දර්ශක ගත්තොත් බැබලෙන තත්ත්වයක හිටියෙ. අකුරු උගත්කම වැනි දර්ශක ගත්තොත් අපි බැබලෙන තත්ත්වයක හිටියෙ. යටිතල පහසුකම්වල දි අපි ඉහලින්ම හිටියෙ. අපිට මතකයි අපේ පුංචි කාලෙ අපි දැක්ක කොළඹ නගරෙ ට‍්‍රෑම්ප් කාර්, ට්‍රොලි බස් දුවනව. සමහර රටවල් අපිට දශක ගණනාවකට පස්සෙහි ඒවා ගත්තෙ. රේල්වේ දෙපාර්තමේන්තුව එදා රාජ්‍ය ආධායමෙන් 30%ක් ඉපදෙව්වා. තුලනාත්මක වශයෙන් දියුණු මට්ටමක තිබුණු රටක්. ඒ දියුණු මට්ටම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉන් පසු කලෙකට පස්සෙ  හැම නායකයෙක්ම අසමත් වුණා. අපි දියුණුව කරා ගෙනයනවා වෙනුවට හැම නායකයෙක්ම අපිව ගෙන ගියේ ඉතාම අශිලාචාර තැනකට. ඒ අශීලාචාර වලට අපිව තල්ලූ කරමින් තමයි ඒගොල්ල දේශපාලනය කෙරුවෙ.
ඉන්දියානු නායකයො බැලූවොත් නේරුගෙ, ගාන්ධිගෙ ඉඳලා මෝදි දක්වාම අවම වශයෙන් තමන්ගෙ දැක්ම පිළිබඳව විශ්ලේෂනාත්මකව එක පොතක්වත් ලියල තියෙනව. සමහර අය ලියන පොත් ප‍්‍රමාණය විශාලයි. අපේ නායකයො ඞී.එස්. සේනානායක ඉඳලා අද දක්වා එකම පොතක්වත් ලියලා නෑ එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගොල්ල කරල තියෙන්නෙ තැන්තැන්වල ගිහිල්ල කරන කිසිම හරයක් නැති කතා කාණ්ඩවලට එකතුකරල පොත් ගහල තියෙන එක. අර එකම පොත ලිව්ව නායකයගෙ පොතේ මාතෘකාව ‘මාහේනේ රීරි යකා’ ඒකෙන් තේරුම් ගන්න පුලූවන් කොච්චර කයිවාරු ගැහුවත් අපි කොයිතරම් කනගාටුදායක අසරණ තත්ත්වයකද ඉන්නෙ කියල.
මේ සියලූ අවුල් ඇතුළෙ අපි ධනේශ්වර ක‍්‍රමයකට මාරුවුණා. අපි වැඩවසම් ක‍්‍රමය අතහැරියා. පැරණි රාජාණ්ඩු ක‍්‍රමය වෙනුවට අපි නූතන ආණ්ඩුක‍්‍රමය තෝර ගත්තා. පැරණි වැඩවසම් රාජ්‍ය ක‍්‍රමය වෙනුවට අපි ජාතික රාජ්‍ය ක‍්‍රමය තෝරගත්තා. ඒකෙ ලොකු හිඩසක් තියනව. මොකද ඒකේ පැවැත්මට අවශ්‍ය ජාතිය කියන සංකල්පය නැතුව තමයි, අපේ නායකයින් ජාතික රාජ්‍ය කියන තැනට දක්න්න උත්සාහ කෙරුවෙ. දැන් තමයි ජාතිය ගොඩනැගීම ගැන මතක්වෙලා තියෙන්නෙ හතලිස් අටට පස්සේ. ඒත් විධිමත් විදිහකට නෙමයි. ජාතිය ගොඩනගන්න බෑ ව්‍යවස්ථාවෙන්. ජාතිය ගොඩනගන්න මේවා පිළිබඳව රටකට දර්ශනයක් තිබිය යුතුයි. මිනිස්සු හිංසාවට පීඩාවට ලක්කළා නම් ඒ ගොල්ල ගැන කනගාටුවෙන්න  ඕනෙ. ‘‘කනාගාටුයි මෙවැනි අවලස්සන තත්ත්වයක් පවත්වාගෙන යාමට ඉඩ දීම ගැන. සමාවෙන්න අපිට’’ එහෙම තමයි හදවත් සුව කරන්න  ඕනෙ. විශාල විනාශයක් රටේ වෙලා තියෙනව.
මම හිතන දේ තමයි අපේ පුනර්දය ව්‍යාපාරයේ ඉලක්කය බලය අල්ලා ගැනීම නෙමෙයි. ඒක අල්ලගන්න තැනක් නෙමයි. ඒක ගඳගහන තැනක්. ඒක ජරපත් වෙච්ච තැනක්. ඒක ¥ෂිත තැනක්. අපි කිසිම විදිහක බලය අල්ලා ගැනීමක් අපේක්‍ෂා කරන්නෙ නැහැ. ඒ වෙනුවට අපි මිනිස්සු අතරට ගිහින් ඒ මිනිස්සුන්ගෙ හදවත් තුළ තියෙන තුවාල සුවපත් කරන්න බලාපොරොත්තු වෙනව. මිනිස්සු නැවතත් ප‍්‍රකෘතිමත් මිනිස්සු බවට පත්කරන්න බලාපොරොත්තු වෙනව. කුඩා ප‍්‍රමාණයකට නෙමෙයි හු`ගක් ලොකු ප‍්‍රමාණයකට. මේ සමාජයේ විකෘතිවෙලා ඉන්න, තුවාල වෙලා ඉන්න, එහෙමත් නැත්නම් අධ්‍යාත්මික කිසියම් ප‍්‍රමාණයකට මැරිල ඉන්න සමාජයකට සුවය දෙන්න බලාපොරොත්තු වෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *