සජබට හෝ ජාජබට රනිල් පරදවන්න තනිව බැහැ – ඩලස් “නිදහස”ට කියයි

 

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයකට හෝ ජාතික ජන බලවේගයට හෝ වෙන වෙන ම තරඟ කොට ජනාධිපති වරණයක දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කළ නොහැකි බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා එම පක්ෂයට ප්‍රකාශ කොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පැරදවීමට නම් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක් පෙරමුණක් ලෙස තරග කළ යුතු බව යි.

නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු කණ්ඩායමක් සමගි ජන බලවේගය සමග එක් වීමට ඉදිරිපත් කළ යෝජනාවකට පිළිතුරු ලෙස අලහප්පෙරුමමහත මෙම අදහස් පල කොට තිබේ.

මේ අතර නිදහස ජනතා සභාවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ සජිත් ජනපති අනුර අගමැති ලෙස හෝ අනුර ජනපති සජිත් අගමැති ලෙස හෝ සන්ධාන ගත වී තරග කිරීමට එකඟත්වයක් ඇතිකර ගත යුතු බව යි.

කෙසේ වෙතත්, දේශපාලන ආරංචි මාර්ග කියන්නේ ජාතික ජන බලවේගය එබඳු සන්ධානයකට එක් වීමට සුදානම් නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *