|

2024 ආර්ථික වර්ධනය සියයට 3 ඉක්මවා යාවි – මහ බැංකු අධිපති

 

2024 වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 3 ක් ඉක්මවා යනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ ප්‍රකාශය කළේ 2024 ආර්ථික වර්ධනය සියයට 1.8 ක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කොට තිබු පසුබිමක ය.

කෙසේ වෙතත්, මෙම වසරේ තෙවැනි කාර්තුවේ රටේ සියයට 1.6 ධන ආර්ථික වර්තනයක් පෙන්නුම් කොට ඇත. ආර්ථිකයේ ධන වර්ධනයක් ඇතිවී තිබෙන්නේ කාර්තු 6 ක් ඍන වර්ධන තත්ත්වයක් වාර්තා කොට තිබියදී ය.

වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය තවත් ඉහළ යනු ඇති නමුත් මුල් කාර්තු දෙකේ ඍන වර්ධනය හේතුවෙන් වසරේ සමස්ත වර්ධනය සියයට ඍන  තුනක් පමණ වනු ඇත.

එසේ වුව ද වසරේ අවසන් කාර්තු දෙකේ ලබාගන්නා ධන වර්ධනය දිගට ම පවත්වා ගැනීමෙන් ලබන වසරේ සියයට තුනක් ඉක්මවා ගිය ධන ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල වීරසිංහ මහතා කියයි.

මෙය රටේ ආර්ථිකය නිවැරදි මාවතේ යන බවට සාක්ෂියක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සියයට තුනක ධන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළේ 2025 වසරේ දී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *