බැසිල් ඉවත්වෙයි ! පොහොට්ටු ජාතික සංවිධායක ධුරය හිස්ව තබයි !!

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දැරූ බැසිල් රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් වූ බවත්, එම තනතුර හිස්ව තැබීමට පක්ෂය තීරණය කොට ඇති බවත් වාර්තා වෙයි.

පක්ෂයේ නිලධාරීන් සහ දේශපාලන මණ්ඩලය පත් කිරීමට අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙය සිදු වී තිබේ.

පක්ෂ මහ ලේකම් තනතුරට සාගර කාරියවසම් මහතා යලි පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *