|

අයවැයෙන් පසු රනිල් කළ යුත්තේ කුමක්ද? – රටේ රාළ.

 
පහුගිය 13 වෙනිදා 2024 අයවැය වැඩි ජන්ද 41 කින් සම්මත වුනා. අයවැයට පක්ෂව ඡන්ද 122 කුත් විරුද්ධව ඡන්ද 81 කුත් හම්බ වුනා. මේ අයවැය ඉදිරිපත් කරනවාත් එක්ක මතුවුන ක්රිකට් ප්රශ්නය හින්දා අයවැය සම්බන්ධ සාංවාද මුලදී යම් තරමකට යටවෙලා තිබුණත් අයවැය අවසන් සතිය දෙක ඇතුලේ යම් මට්ටමකට හරි අයවැය සංවාදය උඩට ඇවිත් තිබුණා.
රනිල් ජනාධිනතිවරණයක් ටාගට් කරපු අයවැයක් ඉදිරිපත් කළා කියන කතාව ඇත්ත උනත් අයවැය ගැන ජනතාව ඇතුලේ තිබුණේ ඊට වැඩිය වෙනස් අදහසක්.මේ අයවැයෙන් ජනතාවට සහන දීලා නෑ ජනතාව මත බර පටවලා කියන අදහස තමයි ජනමනස ඇතුලේ තියෙන්නේ.හැබැයි රනිල් කිව්වේ ඊට වැඩිය වෙනස් කතාවක්.රනිල් කිව්වේ IMF දෙවෙනි වාරිකය ලැබෙනවාත් එක්ක අපි වැල් පාලමේ ගිය ගමන අවසන් උනා කියලයි.
හැබැයි දැන් අපිට යන්න වෙලා තියෙන්නේ වංකගිරියක කියලත් රනිල් කිව්වා.වංකගිරිය කියන්නෙත් හරිම පාර හොයාගන්න බැරි මාවතයක්.මේ අර්බුදය ආරම්භයත් එක්ක රටේ රාළ දිගටම රනිල්ට එක යෝජනාවක් කළා.ඒ මහජන සහභාගීත්ව ආකෘතිවලින් රට නැගිට්ටවන්න පටන් ගන්න කියලයි.ඒක ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් ඕනිම ක්ෂේත්රයකට යොදාගන්න පුළුවන් දියුණු සහ සාර්ථක ආකෘතියක්.
ආර්ථික වශයෙන් ගත්තොත් එකඟතාවයක් ඇතිව හරි නැතිව හරි අද රටේ ආදායම හොයන ප්රධාන ක්රමය විදිහට මේ අයවැයෙන් යොජනා කරලා තියෙන්නේ බදු. රනිල් බදු ප්රතිපත්තියේ පළල් සංශෝධනයයක් කරලා තියනවා. ආදායම් ලැබන අය විතරයක් නෙවෙයි රටේ සමස්ථ පුරවැසියාම රනිල්ගේ බදු දැලට අහුවෙලා ඉවරයි.හැම කෙනාම මුදලක් රජයට ගෙවන ආකාරයට වැටි බද්ධ සංශෝධනය කරලා තියනවා. තෙල්වලට,ආහාරවලට, සේවාවන්ට….තවත් ගොඩක් දේවල්වලට දැන් වැට් එක වදිනවා.
ඇත්තටම ඒකෙන් කියන්නේ රටේ ආදායමට රටේ සමස්ථ ජනතාවම දායක වෙනවා කියන එකයි. ඉපදෙන්න ඉන්න පොඩි එකාට පවා දැන් වැට් ගෙවන්න වෙලා.විපක්ෂ විසින් මේ බදු ප්රතිපත්තිය විවේචනය කරනවා.ඒක හරි. හැබැයි මේ බදු ක්රමයේ ප්රධාන මූලධාර්මික ප්රතිපත්තිය වෙන්නේ රටේ රාළ කියපු දේම තමයි.ඒ කියන්නේ ඉපදෙන්න ඉන්න පොඩි එකා පාවා රටේ ආදායම වැඩි කරන්න වැට් එක හරහා දායක වෙනවා.
අපිට එහෙම බරපතල ආර්ථික ක්රමෝපායකට වැටෙන්න සිද්ධ වෙන්නේ රට වැටුණු තැනත් එක්ක. එතනදී රට බංකොලොත් වීම මඟහැර ගැනීම වෙනුවෙන් ආර්ථික කළමණාකරණ විශේෂඥ දැනුම දුන්නේ IMF එකෙන්.iMF එක කරන්නේ ගනු සහ දෙනුවලට අදාලව ගණං හදලා ගන්න ඕනි පැත්ත වැඩි කරන්න බදු ගන්න කියන එකයි.ආණ්ඩුවට වෙන ආදායම් නැත්තං වෙන කරන්න දෙයක් නෑ.
ජනතාවට බර පටවන එක තමයි එකම උත්තරය. අපේ පඩ්යට, සේවාවන්ට tax වදින්නේ ඒ හින්දයි. ඒක එක පරාසයන් යටතේ සිද්ධ වෙනවා.එතනදී වැට් කියන්නේ අති විශාල සීමාවක් දක්වා පැතිරෙන වක්ර බද්ධක්.එක පැත්තකින් 15% තිබුණ වැට් එක තවත් 3% කින් වැඩි කරලා 18% කරලා.අනිත් පැත්තෙන් මෙතෙක් වැට් එකට අදාල නොවී තිබුණ භාණ්ඩ සහ සේවා ගොඩකට අලුතෙන් වැට් ගහලා.
ඒකයි රටේ රාළ කියන්නේ ඉපදෙන්න ඉන්න පොඩි එකාටත් බදු ගහන බදු ප්රතිපත්තියක් රනිල් හදලා තියලා.දැන් ආණ්ඩුවට කියන්න බෑ රජයේ ආදායම වැඩි කරන්න ජනතා සහභාගිත්වයක් නෑ කියලා.ජනතාව තමන්ට දරන්න පුළුවන් උපරිම පීචනයටත් වැඩිය පීඩනයක් දරාගෙන රජයේ ආදායම වැඩි කිරීම වෙනුවෙන් බදු ගෙවනවා.කැමැත්තෙන් නොවුනත් අකමැත්තෙන් හරි ජනතාව ඒ ක්රියාන්විතයට සම්බන්ධ වෙලා ඉන්නවා.
රජයේ මේ බදු ප්රතිපත්තියට විරුද්ධ අරගලයකුත් තියනවා.ඕනි නං ඊටත් එහාට ගිහින් ඒවා නොගෙවා ඉන්න තීරණය කරන්නත් පුළුවන්. ගෙවන්නේ නෑ කියලා රස්සාවෙන් අයින් වෙන්න උනත් පුළුවන්.හැබැයි දැන් අයවැය සම්මත වෙලා තියන හින්දා එහෙම කරන්න යෑම නීති විරෝධී.ඒක නිසා ජනතාව ඒවා කරන්න පෙලබෙන්නේ නෑ. තවදුරටත් ඉවසගෙන ඒ ගමන යන්න ජනතාවට සිද්ධ වෙනවා. හැබැයි දැන් රනිල්ට සහ ආණ්ඩුවට ලොකු වගකීමක් තියනවා.
ඒ අතිශය දුෂ්කරතා මැද්දේ ජනතාව මේ දෙන දායකත්වය වඩාත් යුක්ති සහගත සහ වඩාත් සාධාරණ ආර්ථික සාලසුම්වලට සම්බන්ධ කරන්න.කොහේවත් යන පාදඩයින්ට මිලියන ගණං ණය දීලා, ජාතික ආර්ථිකයට ශත පහක වැඩක් නැති ව්යාපෘතිවලට සල්ලි විසි කරලා,බොරු දිර්ඝ කාලින ආයෝජනවලට ඒවා නාස්ති කරපු වින්නැහිය තමයි අද මේ අපි ගෙවමින් ඉන්නේ.
ඒ හින්දා ආණ්ඩුවට දැන් වගකීමක් තියනවා මේ මහජන සහභාගීත්වය සහිතව ලැබෙන ආදායම වඩාත් වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා සැලසුම් සහගතව යොදා ගන්න.ඒකට තියන ආණ්ඩුවේ වැඩපිලිවෙල මොකද්ද කියන එක අයවැය ඉවර උනත් රටට කියන්න ඕනි.ඒ concept paper එක රටට ඉදිරිපත් කරන්න ඕනි.බලශක්ති අර්බුදය විසදන්නේ කොහොමද, ආහාර අර්බුදය විසදගන්නේ කොහොමද,සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්නේ කොහොමද, ආර්ථික ක්රියාවලියත් එක්ක අධ්යාපන ක්රියාවලිය සම්බන්ධ කරන්නේ කොහොමද,වැටිච්ච කර්මාන්ත නැගිට්ටවන්නේ කොහොමද,අපනයන ක්ෂේත්රය වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා දැන් කියන්න ඕනි.
ඒවට අදාල අයවැයේ යම් සංකල්පීය කාරණා ටිකක් තියනවා. රටේ රාළ ඒක නෑ කියන්නේ නෑ. හැබැයි ඒවා තවදුරටත් මහජන සහභාගීත්ව ක්රමවේදයක් බවට පරිවර්තනය කරන්න ඕනි. ඒ වෙනුවෙන් ඕනි කරන ව්යුහාත්මක ප්රතිසංස්කරණ කරන්න ඕනි. ජනසභා වගේ මහජන සහභාගීත්ව ආකෘති වහාම ක්රියාත්මක කරන්න ඕනි.ජනසභා හරියට ක්රියාත්මක කරන්න පුළුවන් නම් ඒ අභියෝගය ජය ගන්න ජනතාව සම්බන්ධ කරගන්න පුළුවන්.ඇත්තටම මේ මාතෘකා ජනසභා ඇතුලට ගෙනියන්න ඕනි.
දැන් සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ණය දෙන්න බැංකු ලෑස්තියි.දැන්වත් ඒ ණය දේශපාලන හෙන්චයියන්ගේ තැරැව්කාරයන්ට යටි මඩි ගහගෙන යන්න දෙන්න එපා.ඒකට හරි අධීක්ෂණය වෙන්න ඕනි.ඒවට සාධාරණ නිර්දේශ ඕනි.ඊළගට ඒක බැංකුවලට තනියෙන් කරන්න දෙන්න හොදත් නෑ.දුන්න ගමන් බැංකුවල ඉන්න තක්කඩි ටික ඒකෙන් ගේම් ගහනවා.
ඊළඟට දේශපාලන අධිකාරීත්වයට විතරක් ඒක දෙන්න හොද නෑ. එතකොට ඇමතිලා,මන්ත්රීවරුන් තමන් හෙංචයියන්ට විතරක් ඒ අවස්ථාව අරන් දෙනවා.මිලියන ගණනක් තමන්ගේ හෙංචයියන්ට විතරක් අයින් කරගන්නවා.පහුගිය කාලෙම වෙලා තියෙන්නේ ඕක.මීට කලින් ක්රියාත්මක උනු Enterprise Sri Lanka එක ගත්තත් ඒකේ සහන ණය වැඩිපුරම ගියේ එදා එජාපය පස්සෙන් ගිය හෙන්චයියන්ට.
ඒ සල්ලි අරන් එයාලා ජාතික ආර්ථිකයයට දායකවෙලා තියෙන්නේ කොහොමද කියලා කරපු සමීක්ෂණයේ දී ඒ ප්රතිශතය නොගෙනිය හැකි තරම් කුඩා එකක්. ඒවා අසාර්ථක ව්යාපෘති,අඩුම ගානේ බැංකු වාරිකයවත් ගෙවන්නේ නෑ.ඒවටත් පොලු තිබ්බා.එහෙමයි මේ රටේ පත්වෙච්චි ආණ්ඩු මේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනියා කළේ.ඒක නිසා මෙතනින් එහාටවත් ඒ කාබාසිනියා කිරීමට එරෙහිව මහජන මතයක් හැදෙන්න ඕනි.
රටේ රාළ බලකාය ඒ මහජන මතය වෙනුවෙන් පෙනී ඉන්නවා වගේම ඒ මහජන මතය හැදීම වෙනුවෙනුත් මැදිහත් වෙනවා.මේ මහජන මුදල් යෙදෙවෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අඩුම ගානේ මාස හයකට පස්සේවත් මොනිටරින් system එකක් තියෙන්න ඕනි.ඒ වෙනුවෙන් කටයුතු කරන් ආයතනි ව්යුහයක් අපේ රටේ තියනවා.මහ බැංකුව කාර්තු පදනම් කරගත්ත ආර්ථික පසු විපරම් ක්රියාවලියක් කරනවා.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනිම තොරතුරු දැන් ගන්න පුළුවන්.රටේ රාළ කියන්නේ මාස හයකට සැරයක් ඒ මොනිටරින් රිපෝට් එක පාර්ලිමේන්තුවට ගෙනත් සංවාද කරන්න ඕනි කියලයි.රටේ මූල්ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නං ඒක එතනදී අනිවාර්යය සංවාදයකට ලක්වෙන්න ඕනි. පාර්ලිමේන්තුව වැඩකට නැති දේවල් වෙනුවෙන් කොච්චර නං කාලය නාස්ති කරනවාද?
මේ අත්යවශ්ය දේ කරන්න බැරි පාර්ලිමේන්තුවක් මොකටද?වැඩි එපා දවස් දෙකක් මේ මොනිටරන් රිපෝට් එක අරන් විවාදයක් කරන්න.කොයි තරම් මුදලක් කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තවලට දාලා තියනවද?දාපු ඒවායේ ප්රතිපල මොනවාද?ප්රගතිය මොකද්ද?රටේ ජනතාවගේ රිරී මාංශ උරා බීලා එකතු කරන සල්ලි ටික එක එක දේශපාලනඥයින්ට ගේම් ගහන්න නං තවදුරටත් දෙන්න බෑ.ඡන්දෙට ටකරං දෙන්න,ලැට් පෝච්චි දෙන්න,සිල් රෙදි බෙදන බහුභුත වැඩවලට නං ලෑස්ති වෙන්න එපා.
ඒවා අනිවාර්යයෙන්ම යොදවන්න ඕනි සමාජ වටිනාකමක් සහිත අපනයන ක්රියාවලියකින් වඩාත් හොඳ ප්රතිපල ගේන්න පුළුවන් ක්ෂේත්රවලට.කෘෂිකර්ම පැත්තට තාක්ෂණය ගේන්න වගේ සමාජ සංවර්ධන ක්රියාවලියකට මේ මුදල් යොදවන්න ඕනි.හැබැයි එක එක දේශපාලනඥයාට ඕනි විදිහට සෙල්ලං දාන්න නං එන්න එපා කියලා ආයෙත කියන්න ඕනි. තවමත් ඡන්දය ඉලක්ක කරගෙන බඩු බෙදන්න ව්යාපෘති හදන්න අමාත්යාංශ ලේකම්ලට කියන ඇමතිවරු ඉන්නවා.
රෙදි ගලවගන්න ඕනි නං මේ පාරත් වැඩේට ලෑස්ති වෙන්න.එහෙම ඉල්ලීම් කරන තක්කඩි ඇමතියෝ ගැන අනිවාර්යයෙන්ම රටේ රාළ රට කියනවා.රනිල් දැන්වත් මේ සමාජයත් එක්ක බද්ධ උන මොනිටරින් සිස්ටම් එක හදන්නම ඕනි.විධිමත් මූල්ය ප්රතිපත්තිය සහ මූල්ය විනයක් හදන්න ඕනි.ඒකේ ලොකුම රෝල් එක කරන්න පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙන්න ඕනි.රනිල් ඒ ගමන යන්න ලෑස්ති නං මේ කෙටි කාලය පියමං කරන්න රනිල් එක්ක යන්න පුළුවන් අයගෙන් සාධාරණ යුක්ති සහගත කැබිනට් රීෂෆල් එකකට ගියාට කමක් නෑ කියලයි රටේ රාළ හිතන්නේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *