රතන හිමි ස්වාධින වෙනවානම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – කේ.ඩබ්ලිව්. ජනරංජන “වීඩියෝ”

පසුගිය කාලෙ පුරාවටම විධායක ජනාධිපති ධූරය පවත්වා ගැනීම සදහා විවිධ අය උත්සහ දරණ ආකාරය අපට දකින්නට ලැබුණා.
පසුගිය දවසක අතුරලියේ රතන හිමිත් දැම්මෙ ඒවගේ මුට්ටියක්. රතන හාමුදුරුවො කරපු එක උන්වහන්සේගෙම එකක් කියලා අපි හිතනවා
ඒක ජනාධිපති හෝ අගමැතිගෙ අදහසක් කියලා අපි හිතන්නේ නෑ. රතන හාමුදුරුවන්ගෙ ක්‍රියාකලාපය ගැන අපි අවධානයෙන් ඉන්නෙ. මාධ්‍යවේදියෙක් රතන හාමුදුරුවන්ගෙන් අහනවා , “සෝබිත හාමුදුරුවො කීවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනි කියලා නේද. ඒත් ඔබ වහන්සේ කියන්නෙ එහෙම කරන්න ඕනි නෑ කියලද.”
එතකොට රතන හාමුදුරුවො කියනවා ජනවාරි 8 ව්‍යාපාරයේ හිටියෙ සෝභිත හාමුදුරුවො විතරද අතුරලියේ රතන හිටියෙ නැද්ද කියලා.
අනේ රතන හාමුදුරුවනේ … සෝබිත හාමුදුරුවන්ගෙ රූපකායත් එක්ක බලනකොට , සෝභිත හාමුදුරුවන්ගෙ කැරිස්මාවත් එක්ක බලනකොට රතන හාමුදුරුවො මොන කුරුපුජ්ජෙක්ද.?
අපි අහන්නෙ මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව හිටියෙ රතන හාමුදුරුවො එක්කද, සෝබිත හාමුදුරුවොත් එක්කද
සෝභිත හාමුදුරුවොත් එක්ක.රතන හාමුදුරුවො කරපු කෙන්ගෙඩියක් නෑ.අපි අභියෝග කරනවා උන්වහන්සේට.
අනික් හාමුදුරුවන්ට වඩා වෙනස් විදියට ඉන්න උත්සහ දැරුවට, එහෙම හොද භික්ෂුවක් නම් කරුණාකරල තමන්ගෙ අවංක භාවය පෙන්නන්න කියලා
මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී දූරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා මම මුලින්ම උන්වහන්සේගෙන් ඉල්ලනවා.
මන්ත්‍රී ධූරයෙන් තිබෙන කිසිම දේශපාලන වරප්‍රසාදයන් වලින් ඈත් වෙලා ස්වාධීන ගමනක් යන්න පුලුවන්
ආණ්ඩුවේ වරප්‍රසාද ගන්න බෝහෝමයක් දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව තමයි දැන් කටයුතු කරන්නෙ. නමුත් අපේ අරමුණ ඒක නෙවෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *