|

කවුරු බලයට ආවත් මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි ; නැත්නම් විනාශයක් – මහ බැංකු අධිපති

 

ඉදිරියේ දී කුමන කණ්ඩායමක් බලයට පත් වුවත් වර්තමානයේ ක්‍රියාත්මක ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත්, එයින් ඉවත් වන්නට සැරසුනොත් විශාල විනාශයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ණය හිමියන් සහන ලබා දී ඇත්තේ වර්තමාන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට බවත්, ඉන් ඉවත් වුවහොත් ඔවුන් ලබා දී ඇති සහන ද ඉවත් කරගත හැකි බවත්, ආචාර්ය වීරසිංහ මහතා කියයි. එසේ වුවහොත් අපට සිදුවන්නේ වසරකට ඩොලර් බිලියන හය බැගින් ණය ගෙවීමට ය.

විදුලි ගාස්තු අඩු කිරීමට හෝ බදු අඩු කිරීමට කිසිවකු පොරොන්දු වනවා නම් එම මුදල් ලබා ගන්නා ආකාරය පැහැදිලි කළ යුතු බවත්, ඒ මහතා කියයි.

ඒ මහතා කීවේ ආර්ථික වර්ධනයක් ලබාගෙන ජනතාවගේ ජීවන බර අඩු කළ හැකි වන්නේ මෙම ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමෙන් පමණක් බව යි.

නැවතත් පැරණි පාරේ යන්නට හැදුවොත් මින් ඉදිරියට ණය නොලැබෙන බවත්, රට නැවතත් දරුණු අර්බුදයකට යන බවත්, මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

මහ බැංකු ශ්‍රවනාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට ඒ මහතා වැඩි දුරටත් කීවේ රට බංකොලොත් බවක් තමන් ප්‍රකාශ නොකළ බව සහ ණය ගෙවීම තාවකාලිකව අත්හිටවන බව පමණක් ප්‍රකාශ කළ බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *