සජිතුත් ඩීසල් මාෆියාවට කඩේ යයි !

 

උතුරේ සුර්ය බලශක්ති ව්‍යාපෘතියකට කැබිනට අනුමැතිය දීම ගැන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඩීසල් මාෆියාවෙන් ලබා දී තිබු වැරදි තොරතුරු මත කළ ප්‍රකාශය ම තහවුරු කරන ප්‍රකාශයක්  කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඩීසල් මාෆියාවට කඩේ යන තත්ත්වයට පත්ව ඇති බව විදුලි බල ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි.

මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔස්ට්‍රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් ආණ්ඩුව දූෂිත ගනුදෙනුවක් සිදුකර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර  තිබේ.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා අද එම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළකළේය.

මෙය සාමාන්‍ය සුර්ය විදුලි ව්‍යාපෘතියක් නොව ගබඩා පද්ධතියක් සහිත ව්‍යාපෘතියක් බවත්, එයමිල අධික ඩීසල් බලාගාරවලට විකල්පයක් බවත්, වසන් කිරීම මගින් ඩීසල් මාෆියාව මෙම නායකයින් නොමග යව ඇති බව කියති.

මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් ගෲප් ආයතනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1727ක මුදලක් මෙරට ආයෝජනය කර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේවෙතත් මේ ව්‍යාපෘතිය ඔස්සේ ජනතාවට වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ නමුත් සත්‍ය වශයෙන් සිදුවන්නේ ඉතා අධික මිලක් ගෙවන ඩීසල් විදුලියට විකල්පයක් ලෙස මෙය ක්‍රියාත්මක වීමෙන් විදුලි ගාස්තු අඩු වීමයි. ඩීසල් මාෆියාව එම තොරතුරු ද සඟවා විපක්ෂයේ නායකයින්ට කරුණු දක්වා ඇත.

විදුලි ක්ෂේත්‍රයේ ටෙන්ඩර් ක්‍රමයේ හැම අස්සක මුල්ලක ම ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වන අතර ටෙන්ඩර් කළ යුතු බව සහ කරන බව පෙන්වමින් විදුලි ව්‍යාපෘති ප්‍රමාද කිරීම සහ අවලංගු කිරීම ඔවුන්ගේ උපාය මාර්ග බව අපගේ ආරංචි මාර්ග කියයි.

පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති එලෙස ප්‍රමාද කරන අතර 2015 – 2022  කාලයේ ටෙන්ඩර් කළ යුතු බව කියමින් එකදු කුඩා ජාල විදුලි යෝජනා ක්‍රමයකට විදුලි බල මණ්ඩලය අවසර දී නැත. එහි ප්‍රතිඵලය වුයේ ඩීසල් බලාගාරවලින් වැඩි වැඩියෙන් විදුලිය මිල දී ගැනීමට සිදුවීම යි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *