|

ශ්‍රී ලංකාව තවමත් අඩු ම බදු අයකරන රටක් – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

 

ශ්‍රී ලංකාව තවමත් ලොව අඩු ම බදු ආදායම් රැස්කරන රටක් බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍ය බදු රැස් කිරීමේ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවේ එය පැවතියේ සියයට 8.7 ක් මට්ටමේ ය . මෙය සාමාන්‍ය පැවතිය යුතු මට්ටමෙන් තුනෙන් එකක් තරම් අඩු ප්‍රමාණයක් බව IMFහි ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුව අමතා ප්‍රකශ කළේය.

රජය පසුගිය දා කළ බදු පැනවීම් මගින් මෙම ප්‍රතිශතය සියයට 12 දක්වා වැඩි වනු ඇතැයි කියති.

මෙලෙස බදු වැඩි කිරීමෙන් ජනතාවට ඇතිවන පීඩාව පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දුන් මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කළේ එය තාවකාලික පීඩාවක් බව සහ මෙම ප්‍රතිසංස්කරණ මගින් ආර්ථිකය වර්ධනය  වන විට එහි ප්‍රතිලාභ සියලු දෙනාට හිමිවීමෙන් මෙම පීඩා සමනය වන බව යි.

මුල්‍ය අරමුදලේ ඉලක්කගත බදු ආදායම් ඉපයීම සඳහා රජය වැට් බදු ප්‍රතිශතය සියයට 18 දක්වා ඉහළ දැමු අතර භාණ්ඩ සහ සේවා 97 ක් සඳහා දී තිබු සහන ඉවත් කළේය. එය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබිණි.

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේ  දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළේ බදු ආදායම් ඉලක්ක හැර අනෙක් ඉල්ලක්ක සියල්ල රජය සපුරා ඇති බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *