කිලිනොච්චි සූර්ය බලාගාරය: ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ නවෝදයක්

solar power plant on water in Portugal

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කෙරේ.

ධාරිතාව: මෙගාවොට් 700 (MW) සූර්ය බලශක්තිය

සුවිශේෂත්වය: පූනකරි වැව මතුපිට පිහිටා ඇත. 1,500 MWh බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ.

ආයෝජකයා: United Solar Group of Australia

ආයෝජන: එක්සත් ජනපද ‍ඩොලර් බිලියන 1.727

වැදගත්කම: ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනයයි. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඉහළ නංවන අතර ආර්ථික වර්ධනයට දායක වේ.

අමතර ප්‍රතිලාභ: වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් ටොන් 750,000 ක් නිකුත් වීම වළක්වයි ඉතිරි කරයි. එය ශ්‍රී ලංකාවේ සමස්ත කාබන් දහනයෙන් 4%ක් පමණ වේ.

බැටරි ගබඩා කිරීමේ වැදගත්කම: සූර්ය බලය දවල්ට ඇත. අධික විදුලි ඉල්ලුමක් ඇති රෑට නැත. බැටරි බලය හේතුවෙන් ජාලයට ස්ථාවර සහ ස්ථායී බල සැපයුමක් සඳහා ඉඩ සලසයි. ජාල බිඳවැටීම් සහ අස්ථාවර වීමේ අවදානම අඩු කරයි. කාර්ය බහුල වේලාවන්හිදී භාවිතය සඳහා අතිරික්ත ශක්තිය ගබඩා කරයි. සූර්ය බලශක්තිය ගල් අඟුරු, ඉන්ධන සහ ගබඩා සහිත විශාල හයිඩ්‍රෝ පද්ධති වැනි සෙසු බලශක්ති ප්‍රභව සමග සංසන්දනාත්මකව වටිනාකම අතින් ඉහළ නංවයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීමේ වැදගත් ඉදිරි පියවරක් නියෝජනය කරයි. සූර්ය බලශක්තිය සහ බැටරි ගබඩා කිරීමේ සංයෝජනය රටේ බලශක්ති අවශ්‍යතා සඳහා විශ්වාසදායක, තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලබා දෙයි.

(මුල් ඡායාරූපය පෘතුගාලයේ දර්ශනයකි)

Praja

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *