ජනමත විචාරණයකින් දිනන්න බැරි නම් මැතිවරණයක් දිනන්නත් බෑ– විදේශ ඇමති මංගල සමරවීර

ජනමත විචාරණයකට බයේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන ව්‍යවස්ථා වෙනසක් නොකරන්නේ නම් මැතිවරණයක් ද ජයගත නොහැකි හෙයින් කළ යුත්තේ ආණ්ඩුව වසාදමා ගෙදර යෑම බව විදේශ ඇමති මංගල සමරවීර මහතා ජනවාරි 22වෙනි දින වොටර්ස් ඒජ් හී දී පැවති සාකච්ඡා සම්මන්ත්‍රණයේ දී ප්‍රකාශ කළේ ය.
යෝජිත ව්‍යවස්ථාව කඩිනම් කිරීම හා ජනතාව අතරට නව ව්‍යවස්ථාව පිළිබඳ කථිකාව ගෙනයෑම සඳහා මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප්‍රිය හා කේ. ඩබ්ලියු. ජනරංජන යහ පුරවැසි සංවිධාන නියෝජතයින් මේ සාකච්ඡා සම්මන්ත්‍රණය කැඳවා තිබුණේ නව ව්‍යවස්ථාව ගැන ජනතාව දැණුවත් කිරීමට දේශපාලන පක්ෂ නායකයින් කැඳවා ගැනීමේ පියවරක් ලෙසට බව වාර්තා වේ.
මෙහිදි වැඩි දුරටත් කථා කළ විදේශ ඇමති සමරවීර මහතා කියා සිටියේ 1978 සිට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය හැර සෑම දේශපාලන පක්ෂයකම අපේක්ෂාව වූ බවත්, එක්සත් ජාතික පක්ෂය ද දැන් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කීරීමට කැමැත්ත පලකර ඇති බැවින් මේ ජනමත විචාරණය ජය ගැනීම අපහසු නොව බව ද කියා සිටියේ ය.
ගාමිණි වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් දුමින්ද දිසානායක හා මනෝ ගනේෂන් ද මෙහිදි අදහස් දැක්වූ හ. සමන් රත්නප්‍රිය මහතා විසින් මෙහෙයවන ලද මෙම රැස්වීමට සිවිල් නියෝජිතයින්ට අමතරව කලාකරුවන් වෘත්තිය සමිති නායකයින් හා ජනවාරි 08 ජයග්‍රහණයට අරදුන් නායක නායිකායන් 150ක පමණ නියෝජිත පිරිසක් සහභාගි වූ හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *