ඇමති රොෂාන්ගේ ක්‍රිකට් අතුරු කමිටුව ඇමති හරීන් අවලංගු කරයි

 

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කරන ලද  ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි  කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් කළ බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් අතුරු කමිටුව අවලංගු කරන බවත් අමාත්‍යවරයා කීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය නොවැමම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊට දින කීපයකට පසුව එහි ශ්‍රී ලංකා සාමාජිකත්වය තහනම් කළේය.

අධිකරණයේ වරණ නියෝගයකට ලක් වූ අතුරු කමිටුව ක්‍රියාත්මක වුයේ එක් දිනක් පමණකි. අතුරු කමිටුව නීති විරෝධී බවට ඉදිරිපත් කොට ඇති පෙත්සම මේ වන විටත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *