’සැමට හොරු කියමින් ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරනවා’

අප සියලු දෙනාට  හොරු කියමින් අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එජාප  මන්ත්‍රී වජිර  අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනපති කර්මාන්ත ඇමති ලෙස සිටියදී බියගම කර්මාන්ත පුරය ඇති කළ බවද දැන් ඒ වෙළෙඳ  කලාප ක්‍රමය ඉවර වී ඇති අතර දැන්  එතනින් එහාට යා යුතුව තිබෙන බව කීය.

නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුව ඇති බව කී මන්ත්‍රීවරයා විද්‍යා තාක්ෂණ පැත්ත ගත්තත් ලංකාව ඉන්නේ පිටිපස්සෙන් යැයිද අප අපටම දොස් කියා ගනිමින් ඉලක්ක සපුරා නොගනිමින් ඉන්නා බව අබේවර්ධන මහතා කීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *