පොහොට්ටුවේ කණ්ඩායම් හතරක් – රාජ්‍ය බුද්ධි අංශය

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් හතරකට බෙදී කටයුතු කරමින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශය ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති වර්තාවක සඳහන් ය.

එලෙස බෙදී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන කණ්ඩායම, බැසිල් රාජපක්ෂ මහතාට සහය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පක්ෂපාත කණ්ඩායම සහ නාමල් රාජපක්ෂ මහතාට සහය දක්වන කණ්ඩායම වශයෙනි.

ජනාධිපතිවරණයේ දී මෙම කණ්ඩායම්වල සහය අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතර බෙදෙන්නට ඉඩ හැර පක්ෂයේ පදනම රැක ගැනීමේ උපාය මාර්ගයක් ගැන එම පක්ෂයේ අවධානය යොමෝ වී ඇති බව ද වාර්තා වේ සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙම සියලු කම්ඩායම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවනත වන තත්ත්වයක් ඇති බැවින් ජනාධිපතිවරණය ගැන තීරණයක දී මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අවසන් තීරණය වනු ඇතැයි ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *