හදිසි ඡන්දයෙන් ආණ්ඩුව දිනයි

 

අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමෙන් ආණ්ඩු පාර්ශවය ජයග්‍රහණය කළේය.

යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ද විපක්ෂව ඡන්ද 42 ක්ද ලැබුණි. වැඩි ඡන්ද 51කින් යෝජනාව සම්මත විය.

ඒ අනුව අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත පිළිබඳ විවාදය පවත්වා අද දිනයේදීම එය සම්මත කරගැනීමට නියමිතය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *