බැදුම්කර කෝප් වාර්තාවත් විගණකාධිපති මතයත් මහා බැංකුව නොපිළිගනී – වෙන්දේසි දිගටම – පර්පෙචුවල් සමාගමටත් නිදහස

භාණ්ඩාගාර බැදුම්කර නිකුත්කිරිමෙදී ඒ සදහා ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය වෙනුවට පෞද්ගලික කඩවීම් ක්‍රමය වාසිදායක බවටත් වෙන්දේසි ක්‍රමයෙන් රජයට පාඩු වන බවටත් විගනකධිපතිවරයා දුන් නිර්දේශය පිළිගෙන නැති ශ්‍රී ලංකා මහා බැංකුව බැදුම්කර වෙන්දේසි කිරීම දිගටම සිදු කරමින් සිටින අතර කෝප් වාර්තාවෙන් චෝදනාවට ලක් වූ පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමට දිගටම වෙළදපොළ කටයුතු වල යෙදීමට ද අවස්ථාව ලබා දී ඇත . බැදුම්කර නිකුත්කරන දින හා ප්‍රමාණ පිළිබද කැලැන්ඩරයක් ද මහා බැංකුව විසින් ප්‍රසිද්ධ කර ඇත . බැදුම්කර නිකුත්කිරීම සම්බන්ධයෙන් මහා බැංකුව පලකරන දැන්වීම්වල සිය ප්‍රථමික නියෝජිත ආයතන ලැයිස්තුවක් ද පලකරන  අතර එම දැන්වීම් වල මෙන්ම මහා බැංකු වෙබ් අඩවියේද පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ නම ප්‍රසිද්ධ කොට ඇත .

මහබැංකු බැදුම්කර සිදුවීම පිලිබඳ කෝප් කමිටු පරීක්ෂණය දේශපාලනීකරණය වුවක් බව මහා බැංකුවේ ඉහල නිලධාරීන් ගේ මතය වී ඇති බව දැනගන්නට  ඇත. මේ පිලිබඳ පාර්ලිමේන්තු විවාදය 24දා සිදුකිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *