විදුලිබල පනත් ගැසට්ටුවේ වැරදි 42 ක් හඳුනාගත්තා ; 12 දා පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ – ඇමති කංචන විජේසේකර

 

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධානය සඳහා සකස් කළ පනත ගැසට් කළ දෙසැම්බර් 5 ගැසට්ටුවේ වැරදි 42 ක් හඳුනාගෙන ඇති බවත්, ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බැවින් දෙසැම්බර් 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ මහතා කීවේ වැරදි නිවැරදි කොට පනත ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

පනත සකස් කිරීමට මාස 14 ක් ගත වූ බවත්, එය හදිසියේ සම්මත කිරීමට  අවශ්‍යතාවයක් නැති  බවත් කී ඇමතිවරයා පනත හදන්න අදහස් ගන්න පත්කළ කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ආරාධනා කළ නමුත් එයට සහභාගී වුයේ, ලක්ෂ්මන් කිරිඇල්ල, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්රමරතන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණක් බවත් ප්‍රකාශ කළේය.

විදුලිබල ක්ෂේත්‍රයේ වෘතිය සමිති 34 ක් ඇති බවත් , එම 34 සමග ම සාකච්ඡා කල් බවත් කී ඇමතිවරයා ඒ බිළිබඳ වීඩියෝ දර්ශන ද ඇති බව ද කී ය.

විදුලිබල පනත හදිසියේ ගෙන එන්නට හදන බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙම තොරතුරු හෙළි කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *