|

මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-04-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.
එකී අනුමැතිය පරිදි පැවති ණය සම්මුති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රාග්ධනීකරණය, මහ බැංකුවේ ආයතනික ධාරිතා සංවර්ධනය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය යන සංරචකයන් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය අරමුදල් සැපයීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *