|

විදුලි ගාස්තු, ඉන්ධන මිල ජනවාරියේ අඩු කරයි ?

 

 

ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ලබන ජනවාරි මාසයේ සිට අඩු කිරීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර්ග කියයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සාර්ථක වීමෙන් පසු මෙරටට ලැබෙන විදේශ ආධාර නිසා රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය පහත යෑම නිසා ඉන්ධන මිල අඩුවනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ගාස්තු ද අඩු කළ හැකි වනු ඇති බවත්, රජයේ විශ්වාසය වී තිබේ.

ඩොලරයේ හුවමාරු අගය අඩු වීම නිසා සියලු භාණ්ඩ මිල පහත වැටෙනු ඇති බවත්, එම පහත වැටීම වැට් බදු ඉහළ යාමෙන් වන බලපෑමට වැඩි වනු ඇති බවත්, රජයේ තක්සේරුව වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඉන්ධන මිල සහ විදුලි ගාස්තු අඩු කිරීම සහ එමගින් භාණ්ඩ මිල ද අඩු කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *