|

ආර්ථිකය දැන් හරි පාරේ යනවා – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

 

පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය නිවැරදි මාවතේ ගමන් කරමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කොමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ සියයට 10 කින් හැකිලුනු ශ්‍රී ලංකා ආරතිකය බේරා ගෙන මේ වසරේ තෙවැනි කාර්තුවේ දී සුළු වර්ධනයක් කරා ගමන් කොට ඇති බවත්, සතරවන කාර්තුවේ දී ද ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද කුමාරස්වාමි මහතා කියයි.

එසේ වුව ද , පසුගිය වසරේ ආර්ථිකය සියයට 10 කින් හැකිලුනු නිසා අපි හිටපු තත්ත්වයට පත් වීමට තවත් වසර  වසර තුනක් වත් ගතවනු ඇති බව ද ඒ මහතා කියයි.

දිළිඳුබව පිටුදැකීමේ මධ්‍යස්ථානය පසුගිය දා සංවිධානය කොට තිබු සමුළුවක් අමතමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *