|

ලොව හොඳම සංචාරක රටවල් 5 අතරට ශ්‍රී ලංකාව යළි එයි

 

 

ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් රටක් ලෙස යළිත් වරක් සනාථ කරමින් එළඹෙන 2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ. සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off Path’ සිදුකළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙන අතර, ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව සහ ඩොමීනියන් ජනරජය සෙසු රටවල් වන බව වාර්තා වෙයි.

දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ අවධානය දිනාගත් රටක් වන අතර, ඊට අමතරව පරිසර අලංකරණය, දේශගුණික තත්ත්වය, වෙරළ, දියඇලි, වර්ණවත් සංස්කෘතිය, රසවත් ආහාරපාන මෙන්ම ආගන්තුක සත්කාර ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් බවට පත්ව ඇතැයි පෙන්වාදෙන ‘Travel off Path’ සඟරාව මෙම 2023 වර්ෂය පුරාම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් රටක් බවට ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ද කියා සිටී. මේ අතර මීට කලකට පෙර පැවැති කලබලකාරී තත්ත්වය අවසන් කොට අද වන විට යහපත් තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් වී තිබෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, අද වන විට අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් අමෙරිකාවෙන් පැමිණෙමින් සිටින බව ද එම සඟරාව පෙන්වා දෙයි.

ලෝක ප්‍රසිද්ධ දත්ත එකතු කරන්නන් වන SALT ඒජන්සියේ දත්ත හා ‘Travel off Path’ දත්ත එකතු කර මෙම සමීක්ෂණය සිදු කර තිබෙන අතර ‘Travel off Path’ සඟරාව මසකට මිලියන 6ක පමණ පිරිසක් විසින් කියවන බව ද එම සඟරාව අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගෙන නිකුත් කරයි.

මහින්ද අලුත්ගෙදර

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *