නඩුවලින් බේරෙන්න ව්‍යවස්ථා විරෝධයක් හදනවා – කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි

ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බයයි.  ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බය ගතියක් අපේ සමාජයේ තියෙනව. අපේ ගෙදර හරි, පන්සලේ හරි මැද සාලේ තියෙන පුටු ටික, නායක හාමුදුරුවොහරි, ගෙදර ප‍්‍රධානියාහරි කොහෙහරි ගිහිල්ලා එන අතරතුර වෙනස් කරල තිබුනොත් ඒක ප‍්‍රශ්නයක්. ආව ගමන් ම ‘කවුද මේක වෙනස් කෙරුවෙ?’ කියල. ‘මොකටද මේක වෙනස් කෙරුවෙ?’ කියල අහනව. ‘ඇයි මේක වෙනස් කෙරුවෙ?’ කියල අහනව. ‘මගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි?’ කියල අහනව. ඇ`ගට කඩාගෙන පනිනව. හරි සරල දෙයක් තිබුණු ආකාරය පොඩි වෙනසක් කෙරුව. එතකොට ඒ පුංචි වෙනස කරන කොටත් විරෝධයක් එනව. ඒක හැටි.
‘‘රටක උත්තරීතර නීතිය, අපි කවර ආකාරයේ පාලනයකට යායුතු ද?’’ කියල සාකච්ඡුා කරන අවස්ථාවෙදි කොහොම විරෝධයක් එන්න  ඕනද? කොහොම බයක් එන්න  ඕනද? විරෝධය කියන එක අත්‍යාවශ්‍යයි. ඒක නරක එකක් නෙමෙයි. ඒහෙම විරෝධයක්, බයක් එනව. ඒක අපේ සමාජයේ හැටි. අලූත් ව්‍යවස්ථාව එනකොටත් ඒක ස්වාභාවිකයි. දැන් අපි ඒකට මොකද කරන්නෙ ඒ බය නිබය කරන්න? ඒ බයට උත්තරයක් දෙන්න, බය නැති කරන්න අපට කළ හැකි කාර්යභාර්යක් තියෙනව. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ඇතුළේ. ආණ්ඩුක‍්‍රම වයවස්ථාවක් ගේනකොට අපේ රටේ අත්දැකීම් තියෙන්නෙ හොඳ ඒවා නෙමෙයි. ඒ නිසා තමයි 1978 පස්සෙ මේ තව එකක් කරන්න වෙලා තියෙන්නෙ. 1972 එකක් ගෙනාවා. 1978 තව එකක් ගෙනාව. 1948 ගෙනාපු සොල්බරි ව්‍යවස්ථාව 1978 වෙනකම් ඇදගෙන ආවා. 1978 ව්‍යවස්ථාවට දැන් කියන්නෙ හොල්මන් ව්‍යවස්ථාවක්, භූත ව්‍යවස්ථාවක් කියල. ඒ එක්කම ඒක ගෙනාපු ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයකුත් ඒ එක්කම තියෙනව. 1972 ව්‍යවස්ථාව ගෙනාවේ ප‍්‍රජාතනත‍්‍රවාදි විදිහට නෙමෙයි කියල මතයක් තියෙනව. මහජනයත් එක්ක කතා කලේ නැහැ. සංවාදයකට ගියේ නැහැ කියල අපිට අත්දැකීමක් තියෙනව. 1978 ව්‍යවස්ථාව එක ?කින් ආව කියල කියනව. පුද්ගලයෙකුගෙ හෝ කීපදෙනෙකුගේ උවමනාව මත එක ?කින් ආව එකක්, කියල තමයි අපිට අත්දැකීම තියෙන්නෙ. ව්‍යවස්ථා එනව කියනකොට එන ආකාරය පිළිබඳව බයයි. කොහොම ද මේක එන්නෙ කියල බයයි. මේක එන්නෙ මහජනයා සමග කරන සාකච්ඡුාවකින් ද? එහෙමත් නැත්නම් ආණ්ඩුවේ  ඕනකමකින් ? එහෙමත් නැත්නම් ජාත්‍යන්තර උවමනාවක් අනුව ද? එහෙමත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවක් අනුව ද? එහෙමත් නැත්නම් මේ ඔක්කොම එකතුවෙලා කරන උවමනාවක් අනුව ද? කියල බයක් තියෙනව. ඒත් බයත් හරි. එහෙම බයක් හැදෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ බයත් නරක නැහැ. ඒකට උත්තරයක්  ඕනැ. ඒ බය නැතිකරන්න  ඕනැ.
ඊළ`ගට මේකෙ අන්තර්ගතය මොනව වෙයි ද? කියන ඒකටත් බයයි. ඒකිය රාජ්‍යයක් ද? පෙඩරල් රාජ්‍යයක් ද? ආගමික රාජ්‍යයක් ද? අනාගමික රාජ්‍යයක් ද? රට කැඩෙයි ද? ආගම නැතිවෙයි ද? ඒකිය භාවය විනාශ වෙයි ද? ස්වෛරීභාවය හා ස්වාධිපත්‍ය අහෝසි වෙයි ද? කුලල්කාගන්න වෙයි ද කියලත් බයක් තියෙනව. ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ හැටි. ඒකට උත්තර හොයන්න  ඕනැ. ඒ අනුව අන්තර්ගතය ශ‍්‍රී ලංකික ජාතියක සහනය ලැබෙන එකක් දක්වා යාම කොහොමද කරන්නෙ? සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක‍්‍රිස්තියානි මේ ආදි වශයෙන්. ඒ අනුව ශ‍්‍රී ලාංකේය ජාතියක් බවට පත්කර ගැනීමේ ඉලක්කයක් බවට පත්කරගන්නේ කෙසේ ද?
උතුර බයයි ඒකීය කියනකොට, දකුණ බයයි පෙඩරල් කියනකොට. සහසන්දීය කියනකොටත් බයයි. අපි කොහොමද සිවිල් පුරවැසි බලවේග හැටියට මේක සමනය කරගන්නෙ? සිවිල් පුරවැසි සංවිධාන විදිහට දැනුවත් කිරීමේ දෑවැන්ත වාපාරයක අත්‍යාවශ්‍යභාවය තියෙනව. අපේ ස්වභාවයෙන් ම තියෙනව, නීති ගෙනාවට නිති තකන්නෙ නැහැ. නීති හැමතැනම තියෙනව. ආයතනවලටත් තියෙනව, රජයටත් තියෙනව හැම තැනම තියෙනව. ඒත් තකන්නෙ නෑ. ඒ උනාට අඳෝනාවක් තියෙන්නෙ. කෝ නීතියක් නැහැනෙ. කෝ ශීලාචාර නැහැනෙ. කෝ විනයක් නෑනෙ. බලන්නකො ඇමති. බලන්නකො මන්ත‍්‍රී. බලන්නකො ඇමති මණ්ඩලේ. බලන්නකො ජනාධිපතිවරයා. බලන්නකො අගමැතිවරයා. මහජනයා හැටියට පාලකයින්ට චෝදනා කරනව. සිස්ටම් එකකට නැති, අශිලාචාර, අවිධිමත් ගමනක් යන්න, පොදුවෙ ගත්තහම අපි ඔක්කොටම එවැනි හැ`ගීමක් තියෙනව.
අපි අපේ ටැප්එක කැඩුනම හදාගන්නව. පාරේ තියෙන පොදු ටැප් එකක් ඇරලා තිබුණත් ඒක වහන්නෙ නෑ. ඔහේ වතුරටික අහක යනව. අපේ වත්තෙ තියෙන ගහක් කපනවට අපි අකමැතියි. වන රක්‍ෂණයට අයිති පොදු වනාන්තර අපි බය නැතුව කපනව. මොකද ඒවා ආණ්ඩුවේ. රජයේ කියල තමයි හිතන්නෙ. තාම හිතන්නෙ සුද්දගෙ කාලෙ වගේ. මේ නීතිය සුද්දගෙ කාලේ වගේ. මේ නීතිය ව්‍යවස්ථාපිත නීතියක් හැටියට ගෙනාවට ම හරියන්නෙ නැහැ. අපිට දෑවැන්තමය ආකල්ප වෙනසක් ඇති කරන්න වෙනව. උත්තරීතර නීතියක් ගෙන්න හදන්නෙ. නීතියට ගරු කරමින්, සමගාමීව යන්න පුරුදු කරන්න  ඕනෙ. නිතියට ගරු කරන්න පුරුදු කරන්න  ඕනෙ. පුරවැසියො මැති ඇමතිවරුන්ටම ඇ`ගිල්ල දික්කරල හරියන්නෙ නැහැ. පුරවැසියො කණ්ණඩියක් ඉස්සරහට ගිහිල්ලා අහන්න  ඕනෙ අපි නීතිය ට ගරු කරනවද කියලා. අපි අපේ කොටස කරන්න සූදානම් ද කියල අහන්න  ඕනැ. අපේ පැත්තේ කාර්යභාරයකුත් මේක තියෙනව කියල මහජනයට කියන්න  ඕනෙ.
මේ රට විනාශ වුනා ඇති. ආර්ථික පීඩනයකින් පෙළුණා ඇති. යුද්දමතින් ගියා ඇති. මේ දරිද්‍රතාවයෙන් තවදුරටත් යන්න දෙන්න බැහැ.  ගොඩයන්න  ඕනැ. ඒක ඇතුළෙ අපිට මාර්ගයක් තියෙන්න  ඕනෙ. ඒක ඇතුළෙ තියෙන්න  ඕනෙ විනිවිද භාවයක්. මෛත‍්‍රිය, භක්තිවන්තභාවය, උපේක්‍ෂාව, සත්‍යවාදී භාවය, කරුණාව, දයාව, අන් මත ඉවසිම. වෙන මතයක් තිබුණත් ඒක මැදින් එන අදහසකට එක`ගතාවය ලබා ගැනීම. මේවට උත්තර සපයමින් දැනුවත් වීමේ ව්‍යාපාරයකට යන්න  ඕනැ.
මේ ව්‍යවස්ථාවට අදාලව ජනයා දැනුම්වත් කිරීමේ කොමිෂන් එකක් පත්කරල තියෙනව. අපේ ලාල් විජේනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පත්කරල තියෙන්නෙ. ඒව කියපුවහම මිනිස්සුන්ගෙ ආකල්ප කොහොමද කියල,  සෑහෙන මට්ටමකින් තේරෙනව. ඒක 1978 ව්‍යවස්ථාවට වඩා හොඳ පියවරක්. මේවා එන්නෙ කොහොමද කියන බියට පොඩි උත්තරයක් සපයනව. මේ ව්‍යවස්ථාවත් උඩින් පාත්වෙලා එයිද? මේක රනිල්ගෙ එකක් ද? මේක මෛත‍්‍රීගෙ එකක් ද? මේක ඇමරිකන් එකක් ද? මේක මානව හිමිකම් කොමිසමෙන් ආව එකක් නේ ද, කියල මිනිස්සුන්ගෙ තියෙන සැකය, සංකාව  නැති කිරීමට ‘‘මහජන අදහස් විමසීමට ඉඩ තිබේ’’ කියන එකත් සෑහෙන්න වැදගත්. ඒකට තිබුණ කාලය මදි. ඒක ඊට වඩා සෑහෙන්න පුළුල් ව්‍යාපෘතියකට යන්න  ඕනැ. මේක දෑවන්න සංවාදයකට යන්න  ඕනැ, මේක ඔබේ ව්‍යවස්ථාව බවට පත්කරන්න. මේක සුද්දගෙ එක හෝ, මේක නෝර්වේ එක හෝ, මේක එන්.ජී. ඕ. කාරයින්ගෙ එක හෝ මේක රනිල්ගෙ හෝ මෛත‍්‍රීගෙ හෝ එකක් කියල නෙමෙයි. මේක අපේ එකක් කියලා දැනෙන්න  ඕනැ. ව්‍යවස්ථාවට පුරවැසියගෙ ෙඓනිද්‍රීය සම්බන්ධයක් තියෙනව කියලා දැනෙන්නම  ඕනෙ. ඒක තමයි කොන්දේසිය. නැත්නම් රකින්නෙ නෑ. මේක මේ ව්‍යවස්ථාවෙන් වෙන්න  ඕනැ. මේ ව්‍යවස්ථාවෙන් පොදු හා පුද්ගලික ප‍්‍රශ්න විසඳෙන්න  ඕනෙ. මේක හැදුවේ අපි කියන එක එන්න  ඕනෙ. හම්බන්තොට ගිරුවාපත්තුවත්, කිලිනොච්චියෙ මුලතිව් එක්කෙනත්, කාන්තන්කුඩි කෙනාගෙත්, බස්නාහිර කොළඹ එක්කෙනාගෙත්, කඳුකරයත් එකක් කියන අදහස එන්නම  ඕනෙ. එහෙම හැමදෙනාගෙ ම කියල අදහසක් එන්න  ඕනෙ. නැත්නම් හරියන්නෙ නැහැ. නැත්නම් පොලිපිත්ත වගේ මෙහෙන් පාගනකොට අනික් පැත්තෙන් උඩ එනව. පටන් ගන්නව එහෙ යුද්දෙ. ඒකට එරෙහිව කැරලි ගස්සනව. ආණ්ඩු පෙරළියකින් තමයි ඉවර වෙන්නෙ. ඒ විතරක් නෙමෙයි විදේශ බලවේගයන් පවා මැදිහත්වීමේ අවකාශ තියෙනව.
කාලය ප‍්‍රශ්නයක් නෙමෙයි. තව අවුරුදු 100ක් වත් අපේ ගමන ඉස්සරහට යන්න හදන උත්තරීතර නීතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන වැඩ පිළිවෙලක් දිගටම යන්න  ඕනෙ. මේ ව්‍යවස්ථාව එන්නෙ කොහෙන්ද කියන එක ගැන දිගටම කතා කරන්න  ඕනෙ. ඒ වගේම තමයි අරන්තර්ගතය, මේ මොහොතේ වවස්ථාවක තියෙන අවශ්‍යතාවය මොකක් ද? ජනතාවගෙන් අහන්න  ඕනෙ ‘‘අලූත් ව්‍යවස්ථාවක්  ඕනැ ද?’’ කියල. ජනතාව කිව්වොත් ‘‘ ඕනැ…’’ කියල එතන ඉඳල යමු යමු. අනිවාර්යෙන්ම  ඕන නෑ කියන අයත් ඉන්නවා. එහෙම නම් ඒකට උත්තර හොයන්න  ඕනැ. බුද්ධිමතුන් හිතනවා නම්  ඕනැ කියලා. කාලීනව ඊට අවස්ථාවක් ලැබිල තියෙනව කියල දැනෙනව නම් එහෙම අපේ වගකීම තමයි  ඕනෙ නෑ කියන අය  ඕනෑ කියන තැනට ගේන එක.
ජනතාව පක්‍ෂවලට බෙදිලා ඉන්නෙ. ජාතිකත්ව කිහිපයක්, ආගමිකත්ව කිහිපයක්, කුල සාධක කිහිපයක්, පළාත් සාධක ගණනාවක්, මේ වගේ වෙනස්කම් වලින් තීරු තීරුවලට  අපිව බෙදිලා ඉන්න තත්ත්වයන් ඇතුළෙ ලේසි නෑ එක මතයකට එන්න. නමුත් එය තමයි කළ යුත්තෙ. එහෙම නැතුව යළිත් තිස් අවුරුදු යුද්ධයකට පාර කපන්න එපා. ඒ නිසා අපි දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකට යා යුතුයි. අපි තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. 71/89 කළකෝලාහල ගණනාවකට මුහුණ දුන්නා. ඒ වගේම ලෝකෙ අනිකුත් රටවල් එක්ක ගත්තහම පල්ලෙහාම ඉන්නෙ. ආර්ථික තත්තවය, ශීලාචාරකම, නිෂ්පාදක සිද්ධාන්ත භාවිතා කිරීම විතරක් නෙමයි, පාරෙ යාමේ දී පවා අපි හරිම අශීලාචාරයි. පාරෙ කහ ඉරෙන් මාරු වෙන්නෙ නෑ. පාරෙ කෙළ ගහනවා තාම. බස් එකේ හරිවිදිහට පිළිවෙලකට යන්නෙ නැහැ. බස් එළවන කෙනා පිළිවෙලකට යන්නෙත් නෑ. බස් එකේ යන කෙනා පිළිවෙලකට යන්නෙත් නෑ. පාරේ යන කෙනා පිළිවෙලකට යන්නෙත් නැහැ. අපි තාම අශිලාචාරයි. හැබැයි අනෙක් රටවල් එහෙම නෑ. එතකොට අපි කියන්නෙ නෑ අපේ රට ට හෙන ගහල කියලා, අපි කියන්නෙ නෑ හූනියමක් කියල. අපි කියන්නෙ නෑ පෙර කරුමයක් කියල,  අපේ සිස්ටම් එකේ අවුලක් තියෙනව. ඒක හින්දා එතන ඉඳලා හොයන්න  ඕනැ. ඒක හින්දා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුවෙනව. මේක ගෙන්නෙ සුදුසුම අවස්ථාවක.
මොකද මේක මේ වෙලාවෙ ගෙන්න හදන්නෙ? මොකද හේතුව මේක මේ වෙලාවෙ ගේන්න? සමහරු එහෙම තමයි කියන්නෙ. එහෙම  ඕනෙ නැති අවස්ථාවක මේක ගේනවා කියන අයට, මේක තමයි හොඳම අවස්ථාව කියලා ජනතාවට ඒත්තු ගන්වන්න  ඕනෙ. ඒක ජනතාව අතරට ගෙනියන්න ව්‍යාපෘති හදන්න  ඕනෙ. මහජන අදහස් වීම සීමක් කෙරුවා. ඒක ආවා. ඒක ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කෙරුව. ඒකට කමිටුවට දැම්මා. කමිටුවල සාකච්ඡුා කරල තියෙනව. කමිටු වාර්තා ඇවිල්ලා තියෙනව. එක කථානායකතුමා, අගමැති තුමා හරහා ඉදිරිපත් කරලා තියෙනව. ජනවාරි මාසෙදි ඒක සංවාදයකටලක් කරන්න සූදානමක් වෙමින් තියෙන බව පේනව. ඒක සංවාදයක්. ඒක ඇතුළෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සාකච්ඡුා කරනව. ඒක මෙහෙයුම් කමිටුවට දායි. මේහෙයුම් කමිටුව ඇතුළෙ ඒක සාකච්ඡුා කරයි. ඒ අදහස් ගන්න  ඕනෙ ඒවත් අරන් සරල පත‍්‍රිකාවකට එන්න  ඕනෙ. ඒ එනකොට සිවිල් සමාජය අපේ අදහස් මේක ඇතුළෙ තියෙනවාද කියලා සෝදිස්සියෙන් බලා ඉන්නවා. අපි ඒ අයව දැනුම්වත් කරන්න  ඕනෙ. රාජ්‍ය නිලධාරීන්, පාසැල් ළමයින්, සිවිල් පුරවැසියන්, භික්‍ෂුන් වහන්සේලා, පූජ්‍ය පක්‍ෂය මේ ඔක්කොම. ඒකට වියදම ගියාට ප‍්‍රශ්නයක් නෙමයි. ඒකට කාලය අරගෙන ඉතාමත් පුළුල් සමාජයක මේක සංවාදය ලක්විය යුතුයි. අපි මේක දැම්මෙ උඩින් කියලා චෝදනාවකට ලක්වෙන්න හොඳ නැහැ.
තමන්ට බලය ලබාගැනීම සඳහා සියරටේ සම්පත් කුඩු පට්ටම් වෙලා ගියත් කමක් නෑ කියල හිතන ඒකාබද්ධ විපක්‍ෂය වගේ කණ්ඩායම් මේකට අකුල් හෙලන්න බලාගෙන ඉන්නව. ඔවුන් තමන්ට පැවරෙන්න තියන නඩු ගැන භීතියක ඉන්නෙ. අපි කියන මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංකල්පය ඔවුන් කලමණාකරනය කරන්නේ ඔවුන්ට තියෙන නඩු වලින් බේරෙන්න, මේක කොහොමද පාවිච්චි කරන්නෙ කියල. අලූත් ව්‍යවස්ථාවකට බය කවුද කියලා කිව්වම එහෙම අය ඉන්නවා. ඒක තමයි යථාර්ථය.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *