පුරවැසි සංවිධාන රැස්වීමට තවත් මැතිඇමතිවරු එක්වෙති

රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට පමණක් නොව, නව ව්‍යවස්ථාවක් මෙන්ම ජාතික සංහිඳියාවකට එම ව්‍යවස්ථාව මගපාදන්නක් වියයුතු බවට පිළිගනිමින්, ජනවාරි 08 වෙනසට එක්වූ සිවිල් සංවිධාන සහ පුරවැසි සංවිධාන, එළඹෙන 22වෙනිදා වොටර්ස්ඒජ් හි පැවැත්වීමට නියමිත සාකච්ඡ සම්මන්ත්‍රණයට මැති ඇමතිවරු කිහිප දෙනෙක-ු ද එක්වීමට කැමැත්ත පලකර ඇතැයි දැනගන්නට තිබේ.
රාජිත සේනාරත්නට අමතරව මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම, මුජිබර් රහුමාන් මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රභලයන් කිහිප දෙනෙක් ද මෙයට සහභාගිවීමට සූදානමින් සිටින බව වාර්තාවේ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනවාරි 08 වෙනිදා පෙළ ගැසුණු ආකාරයට සිවිල් හා පුරවැසි සංවිධාන පමණක් නොව උක්ත අරමුණු වෙනුවෙන් කැපවෙන දේශපාලන නායකයින්ව ද එක්කරගෙන නව ව්‍යවස්ථාව ගෙනෙන ලෙස බලකරමින් දිවයින් පුරා ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පැවැත්විමට අදහස් කරන බව පුරවැසි සංවිධාන නියෝජිතයෙක් යුක්තියට පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *