රජයේ සේවකයින්ට වැඩිකළ රුපියල් 5000 ක් ජනවාරි සිට ?

 

 

අයවැය මගින්රජයේ සේවකයින්ට වැඩිකළ රුපියල් 10,000 ක මුදලින්  රුපියල් 5,000 ක් ජනවාරි මස සිට ගෙවීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

10,000 වැටුප් වැඩි වීම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට සහ හිග වැටුප් ඔක්තෝබර් මාසයේ සිට කොටස් වශයෙන් ගෙවීමට තීරණය කොට තිබුණ ද රජයේ ආදායම් තත්ත්වය  තරමක් යහපත් වීම නිසා වැඩි වූ  වැටුපෙන් කොටසක් ජනවාරි සිට ගෙවීමට අවධානය යොමු වී ඇත.

විශ්‍රාමිකයින් සඳහා වැඩි කළ 2500 ජනවාරි සිට සම්පුර්ණයෙන් ගෙවීමට ද අවධානය යොමු වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ආදායම් සමාලෝචන රැස්වීමක දී මෙම යෝජනා ගැන අවධානය යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *