මාධ්‍ය හමුවේ කුජීතවු බන්දුලට මහින්ද මාධ්‍ය තහනම් කරයි.


ඒකාබද්ධ විපක්ෂය මඟින් ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී බී.බී.සි.යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අරාජිකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය වාරණයක් පනවා ඇත.

පසුගිය කාලය පුරාවට බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවලදී පිළිඹිබු කළ අසාර්ථකත්වය හා දුර්වලතාවය හේතුවෙන් බන්දුලව  මාධ්‍ය හමුවලින් ඉවත් කොට විවේක ගන්වන ලෙසත් ඒ වෙනුවට වෙනත් අයෙකු ඉදිරියට යොමුකරන ලෙසටත් මහින්ද රාජපක්ෂ  මහතා පොහොට්ටුවේ සභාපති ජී.එල්.පීරිස් මහතාට උපදෙස් දී ඇත.

පෝට් සිටි ව්‍යාපෘතියට අදාල ගිවිසුමෙන් චීන සමාගමට සින්නක්කරව ඉඩම් ලබාදීමට පසුගිය මහින්ද රාජපක්ෂ රජය එකඟ නොවුණු බවට පසුගිය 10වනදා පැවති මහින්ද පිලේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කර සිටි අතර එලෙස ගිවිසුමක් ඇත්නම් පෙන්වන ලෙසද අදාළ ප්‍රශ්නය යොමු කළ බීබීසී මාධ්‍යවේදියාට අභියෝගයක්ද කළේය.

කෙසේ නමුත් පසුගිය  17දා  පැවති මාධ්‍ය හමුවේදී බීබීසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් අදාළ ගිවිසුම බන්දුල ගුණවර්ධන මහතා යොමු කරමින් නැවත අදාළ ප්‍රශ්නය යොමු කළ අතර එහිදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ “මම කිව්වේ දැනට තියෙන මහ පොළවෙන් ඒකාලේ සින්නක්කරව දුන්නේ නැහැ කියලා, පෝට් සිටිය කියන්නේ අලුතෙන් හැදෙන ගොඩබිමක්” යනුවෙනි.

LANKAXNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *